රඟපෑම තීව්‍ර වන්නේ ගැටුම් අවස්ථාවෙනි. නාට්‍යයේ සිද්ධි මාලාවට සම්බන්ධ පුද්ගලයකු තම අහදස් සමඟ අභ්‍යන්තර වශයෙන් ඇතිකරනු ලබන ගැටීම, නොඑසේව පුද්ගලයකු සමඟ හෝ සංසිද්ධියක් සමඟ හෝ ප්‍රතිවිරුද්ධ පුද්ගල බලවේග සමඟ ඇතිකරගනු ලබන ඝට්ටනය ගැටුම නම් වේ. නාට්‍යයක ආරම්භයේ සිට අවසානය දක්වා මෙම ගැටුම ඇතිවී වැඩි වැඩි වී ලිහිල් වී යයි.
සුභ සහ යස නාට්‍යයේ ගැටුම නිරූපනය වන අවස්ථාවක්
නිදසුනක් වශයෙන් මනමේ නාට්‍යය ගතහොත් මනමේ කුමරිය දකින වැදි රජතුළ ඇය පිළිබඳ සිතක් ඇතිවේ. එහෙයින් වැදි රජුටද බිසව අවශ්‍ය වේ. ඒ හේතුකොට ගෙන දෙදෙනා අතර ගැටුමක් ඇතිවේ. සිංහබාහු නාට්‍යයේ සිංහයාට බිරිඳ හා දරු දෙදෙනා නිරන්තරයෙන් ගල්ලෙන තුළ රඳවා ගැනීමට අවශ්‍ය වේ. එහෙත් සිංහබාහුට අවශ්‍ය වන්නේ නරයන් අතරට ගොස් සිය අවශ්‍යතා ඉටුකර නිදහසේ ජීවත්වීමටය. සිංහබාහු නාට්‍යයේ ගැටුම ඇතිවන්නේ මේ හේතුවෙනි. මනමේ නාට්‍යයේ ගැටුම විසඳනුයේ මනමේ කුමරියගේ සිත සසල වීම හේතුකොටගෙන කඩුව උඳුරා වැදි රජු විසින් මනමේ කමරා මරා දැමීමෙනි.
සිංහබාහු නාටකයේ සිංහබාහු හා සිංහයා අතර ගැටුම විසඳනුයේ තම පියා බව නොදැන අනපේක්ෂිත අයුරින් ඇතිවූ හමුවකදී ඇතිවන තත්ත්වය හේතුකොට ගෙන සිංහයාගෙන් ගැලවීමක් නොමැති තැන විඳිනු ලබන හී සැරයකින් සිංහයා මරාදැමීමෙනි නාට්‍යයක් සාර්ථක වනුයේ ගැටුම් අවස්ථා බහුල වීමෙනි. නාටකයක උච්චතම අවස්ථාව හැටියට හැඳින්වනුයේද මෙම ගැටුමයි. එවිට ප්‍රේක්ෂකයා කමකින් කමක් වේදෝ යන කුතුහලයට පත්කරයි.
මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන් මෙම අවස්ථාව විග්‍රහ කරනුයේ "කොයිවෙලාවේ කොයි අතකට පෙරළේදැයි කිවනොහැකි ලෙස කඳු මුදුනක යන්තමට නොවැටී තිබෙන ගලකටය" එමෙන්ම සාර්ථක නාට්‍යයක ගැටුම සමථයකට පත්විය යුත්තේද තර්කානුකූල විසඳීමකිනි.