2 පිටුව
 


 

අහස්‌තලය මෙන් කට ඇර එන්නේ
නාග කදන් මෙන් දත් විහි දෙන්නේ
කොසමද කාලිය අද ගැලැ වෙන්නේ
සාමිනි! මම මොනවාද කිය න්නේ

අම්බලමට මා බිල්ල බදින්නේ
මා ඇතිකල පව් අදම ගෙවෙන්නේ
සී! සී! කාලිය ඔය නොකියන්නේ
මාගේ තෙදබල පාමි බොලන්නේ

කියා තමන් සුලගිල්ල පොව න්නේ
සතර කොනින් ගිනි කදන් මැවෙ න්නේ
එමවිට පත්තිනි එළියට එන්නේ
දෙවනු තමන් සුලඟිල්ල පොවන්නේ

ඉස සිට දෙපයට වඳුරු ගසන්නට
මන්ද සිටින්නේ වර අම්බලමට
බැරි සාමිනි! පය සොලවා ගන්නට
දෙවනු වරම් දුන්නෙමි තට එන්නට

කැසපට අකුලා පස්‌සට යන්නේ
අත කට වසමින් සැලකර මින්නේ
මේ මොන අනුවණ කම්ද කියන්නේ
කුමන පව්ද නුඹ කර ඇවිදින්නේ

රැකෙන්නට බැරි සාමිනෙයි, කියන්නේ
මාගේ සරුපේ නුඹ අහපන්නේ
මාගේ නර ලොව පව් නොකරන්නේ
ඇසළ මසට පෙරහැර අරගන්නේ

අංකෙලි පූජා නුඹ අරගන්නේ
මාගේ ඔසරිය නුඹ අරගන්නේ
මාගේ අවිපොත් නුඹ අර ගන්නේ
මාගේ රුවට රුව නුඹ අරගන්නේ

මාගේ නරලොව බාරවෙය න්නේ
හිමියන් ගිය රටකයි මම යන්නේ
මේ ගිය ගමනෙන් නේවි බොල න්නේ
සාමිනි! දියපත්තැන් වඩ මින්නේ

එතනින් පත්තිනි සඳ වඩිමින්නේ
ගොපලුවනේ විදියට බසින්නේ
ගොපලු දුවක්‌ ඉස්‌සරහට බසින්නේ
මේ කාගේ නුවරක්‌ ද බොලන්නේ

වීදිය පසුකර ඈතට බැසලා
ගොපලුන් ඇවිදින් ඉස්‌සර රැකලා
කොයියනවද ලඳ! තනි මඟ බැසලා
හිමියන් උදෙසා යමි මඟ බැසලා

(c) Shilpa Sayura Foundation 2006-2017