යම් කතා පුවතක් රැඟුමක් ලෙසින් ප්‍රේක්ෂකයා ඉදිරියේ ප්‍රදර්ශනය කිරීම නාට්‍යය නම් වේ. මෙය තවදුරටත් පුළුල්ව විග්රයක යෙදෙන්නේ නම් ලේඛකයකු විසින් රචිත නාට්‍ය පෙළ නළු නිළියන් විසින් ඊට අවශ්‍ය සංගීතඥයන්, වේශ නිරූපකයන්, ආලෝක ශිල්පීන්, රංගභූමි අලංකාරිකයන් ආදී පිරිස් වලට අයත් කාර්යය සාධනයෙන් යුක්තව ප්‍රේක්ෂකයන් ඉදිරියේ රඟපා ප්‍රදර්ශනය කිරීම නාට්‍යය නම් වේ.
නාට්‍යය පිළිබඳ නිර්වචන :
* "නාට්‍යය යනු ලෝකයේ පැවැත්ම අනුකරණය කිරීමයි" (ලෝක වෘත්තානු කාරණම් නාට්‍යම්)- -භරතමුනි.
* "නාට්‍යය යනු ක්‍රියාවක් අනුකරණය කිරීමයි"- ඇරිස්ටෝටල්
* "අවස්ථාවක් නිරූපණය කර දැක්වීම නාට්‍යයි" (අවස්ථානු කෘතීර් නාට්‍යම්)- ධනංජය
*"නාට්‍යය යනු සමාජයට කැඩපතක් ඇල්ලීමකි" -ශෙක්ෂ්පියර්
*"නාට්‍යය යනු ජීවිතයේ පෙත්තකි" - බර්නාඩ් ෂෝ
* "නාට්‍යය යනු ස්වභාවධර්මයේ අනුකරණයක් මිස පිටපතක් නොවේ" -
* "නාට්‍යය යනු විනෝදය සැපයීම පමණක් නොව ප්‍රේක්ෂකයා බුද්ධියට ගොදුරුකර ගැනීමකි" - බර්ටෝල්ට්
* "නාට්‍යය යනු ජීවන තොරතුරු සංකීර්ණ ලෙස ඉදිරිපත් කරනු ලබන කැටපතකි" - ටී.එස්. එලියට්
* "නාට්‍යය යනු ජීවිතය පිළිබිඹු කිරීමකි" - කොන්ස්ටාන්ටින් ස්ටැනිස්ලාව්ස්කි
* "නැටුම් චතුර්විධ අභිනයෙන් යුක්ත වූ කල නාට්‍යය නම් වේ" - එදිරිවීර සරත්චන්ද්‍ර