නාට්‍ය පෙළක දක්නට ලැබෙන නළුනිළියන් කතා කරන වගන්ති සංවාද හෙවත් දෙබස් නමින් හැඳින්වේ. නාට්‍යයක් විධිමත් ලෙස නිර්මාණය කිරීම සඳහා රචකයකු විසින් ඉතා සියුම් ලෙසත්, උචිතානුචිත බවත් සලකා සංවාද යොදාගනු ලබයි. සංවාද කාව්‍යවෝක්තියන්ගෙන් භාෂාලංකාරයන්ගෙන් ධවනිතාර්ථවත් වචන භාවිතයෙන් යුක්ත විය යුතුය. මෙය ශෛලිගත නාට්‍යයකට පමණක් සීමා නොවේ. ස්වාභාවික නාට්‍යයටද එලෙසින්ම අදාළ වේ. නාට්‍යයක් ඉදිරියට ගලාගෙන යන්නේද සංවාද භාවිතය මගිනි. එය සාමාන්‍ය කතා බහට වඩා බෙහෙවින් වෙනස්ය.
මනමේ කුමාරයා - වහසි බස් නොදොඩව වනචරය. තා හා තගේ මේ වැදි සෙනඟ එක හී පහරින්
සුණු විසුණු කර දමමි.
වැදි රජ - තා වැනසෙන්නට තැත් කරන නමුත් මම තට අනුකම්පා කරමි. මානය බිඳ තා මරාදමන්නට සිත් වේ. (මනමේ නාටකය)
සාමාන්‍ය කතා බහේදී මෙවන් බස් වහරක් යෙදෙතැයි සිතිය නොහැකිය. එහෙත් නාට්‍යයේදී එය අස්වාභාවික යැයි කිසිවෙකු නොසිතයි. ඒ සංවාදයටත් චරිතයටත් උචිත වන බැවිනි.
නාට්‍යයක රචකයා විසින් අනුගමනය කරණු ලබන ශෛලිය අනුවද සංවාද වෙනස් වේ. ශෛලිගත සම්ප්‍රදාය අනුගමනය කරන රචකයකුගේ සංවාද ගීතමය හෝ කිසියම් තාලයකට ගැයීමට හැකි අයුරින් රචනා කෙරේ. මනමේ, සිංහබාහු නාට්‍යවල එන සංවාද නිදසුන් වේ.
ස්වාභාවික රංග ශෛලිය අනුගමනය කරන රචකයකුගේ සංවාද බොහෝදුරට ව්‍යවහාරික බසට සමානය. එහෙත් එම බස් වහර එළෙසින්ම යෙදීමෙන් නාට්‍ය සංවාද නිර්මාණය නොවේ. කට වහරේ ඇති ශක්තිය උකහා ගනිමින් සංවාද සඳහා උචිත බස් වහරක් නිපදවා ගත යුතුය. සාමාන්‍ය කට වහරේදී භාවාත්මක බස හැසිරවීමක් සිදු නොවන අතර එහිදී සිදුවන්නේ තම අදහස් ප්‍රකාශ කිරීම පමණකි. එහෙයින් රචකයා විසින් ප්‍රතිනිර්මිත කට වහර භාවයන් ප්‍රකාශ කිරීමට සමත් විය යුතුය. එයින් නාට්‍යමය අවස්ථා තීව්‍ර වියයුතුය. මඟුල් ප්‍රස්ථාව, කැලණි පාලම මෙවන් බස් වහරක් යෙදූ නාට්‍යය වලට නිදසුන් වේ. ඇතැම් නාට්‍යය රචකයන් සංවාද රචනයේදී මෙම ශෛලීන් දෙකම මිශ්‍ර ලෙස යොදා ගනු ලැබේ.
නරියා - ඇයි මතක නැද්ද එදා කැලේ දර කඩන්න ආපු
වෙලාවේ දුවට කිව්ව
තෝව දෙන්නෙත් නරියටයි
තෝව ගන්නෙත් නිරියකුයි
තෝව දෙන්නෙත් - තෝව ගන්නෙත්
කැලේ ඉන්නා නරියෙකුයි
ගමමහගෙ - ඒ මම කිව්වේ නිකමටනේ, නරියෙකුට දෙන්න හිතාගෙනයැ.
පුතා - (ඇය ළඟටම ගොස් නරඹා) මේ ඇත්තෙන්ම අම්මාද උඹ කොහේ ඉඳන්ද මේ එන්නේ?
ස්ත්‍රිය - පරලොව ගිහිල්ලා බන් එන්නේ, (පිටත බලයි)ඔය කරත්තේ තියෙන මලු ටික මෙහෙ ගෙනෙන්. එක එක.