නාට්‍යයක පෙළ කියවීම
 

නාට්‍යයක පෙළ, නළුවන්ගේ වචන හෙවත් සංවාදයි. එය රසවින්දනය පිණිස පාඨකයකු අපේක්ෂා කරන්නක් නොවේ. ප්‍රේක්ෂකයකු අපේක්ෂා කරන්නකි. නාට්‍යයක පෙළ තිබෙන්නේ නළු නිළියන්ගේ භාවිතය සඳහාය. නාට්‍යයක පෙළ කියැවීමෙන් නාට්‍යයක් නරඹා ප්‍රේක්ෂකයකු ලබන වින්දනය කිසිසේත් ලැබිය නොහැක. සර්ව සම්පූර්ණ නාට්‍ය රසයක් ඉන් නොලැබේ. එබන්දකට අවශ්‍ය හේතු ප්‍රත්‍යය එහි ගොනු නොවේ.



එහෙත් නාට්‍යයක පෙළ කියවා බොහෝ දෙනෙකු රසවිඳිති. එසේ නාට්‍යයේ පෙළ කියවා රසවිඳීමට සිදුව ඇත්තේ ඒ සඳහා කියවීම හැර අන් ක්‍රමයක් නොමැති හෙයිනි. කාලිදාසන්ගේ අභිඥාන ශාකුන්තලය එවැන්නකි.


නාට්‍යයක පෙළ අධ්‍යයනයේදී එය රචනාකර ඇති බස්වහර අවබෝධ කරගැනීම අත්‍යාවශ්‍යය. නිදසුනක් ලෙස "රත්තරන්" නාට්‍යය ගනිමු. රත්තරන් නාට්‍යය නැන්දා සහ ලේලිය හබය මුල්කර ගත්තකි. ජනකතාවක් මූලාශ්‍රය කරගත්තකි. ශෛලගත නාට්‍යයකි. මේ සඳහා යොදාගත් බස්වහර ගැමි ව්‍යවහාරයට සමීප වූවකි. මේ අයුරින් ගැමි බස්වහර යොදා ගත්තා පමණක් නොව සංගීතය නිර්මාණය කර ඇත්තේද ජනකවි සම්ප්‍රදායට අයත් තොවිල් කවි ඇසුරෙනි.

නාට්‍යයක පෙළ අධ්‍යයනයේදී එය රචනාකර ඇති බස්වහර අවබෝධ කරගැනීම අත්‍යාවශ්‍යය. නිදසුනක් ලෙස "රත්තරන්" නාට්‍යය ගනිමු. මෙම නාට්‍යය නැන්දා සහ ලේලිය හබය මුල්කර ගත්තකි. ජනකතාවක් මූලාශ්‍රය කරගත්තකි. ශෛලගත නාට්‍යයකි. මෙහි බස්වහර ගැමි ව්‍යවහාරයට සමීප වූවකි. මෙහි ගැමි බස්වහර යොදාගත් සේම සංගීතය නිර්මාණය කර ඇත්තේද ජනකවි සම්ප්‍රදායට අයත් තොවිල් කවි ඇසුරෙනි.

නාට්‍යයක පෙළ අධ්‍යයනයේදී පෙළෙහි එන චරිතවල ස්වභාවය මෙන්ම එම චරිත වලින් අපේක්ෂිත අරමුණද අවබෝධ කරගැනීම අවශ්‍යය. රත්තරන් නාට්‍යයේ මහලු ස්ත්‍රියගේ චරිතය ප්‍රධාන වේ. ඊට අමතරව පුතා, ලේලිය හා සොරු සතර දෙනෙකි. යමපල්ලන් කීප දෙනනෙකුද වේ. නාට්‍යයේ අපේක්ෂිත අරමුණ ඉටුකරදීම සඳහා එම චරිතන්ගෙන් ලැබෙනුයේ නොමද පිටුවහලකි. ඒ ඒ චරිතවලට අදාළ සුවිශේෂ ලක්ෂණ වේ. මහලු ස්ත්‍රිය ලේලිය කෙරේ දැක්වූ වෛරය, එය ඉටුකර ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාදාමය මීට නිදසුන් ය.

නාට්‍යයක රංග විධාන යනු පෙළ රචකයා විසින් නළු නිළියන් හා අධ්‍යක්ෂවරයාගේ ප්‍රහෝජනය පිණිස තබන උපකාරක සටහන්ය. නළුවන් පිවිසීම හා පිටවීම පිළිබඳ විධාන, කරන දේ පිළිබඳ විධාන (ඔවුන්ගේ හැසිරීම පිළිබඳ විධාන) යනාදිය මීට අයත් වේ.

නාට්‍යයක පෙළ කියැවීමේදී එහි නාට්‍යට උචිත අවස්ථා හඳුනාගැනීමත් හේතුඵල සබඳතා මත ඒවා එකිනෙකට බැඳී උච්ච අවස්ථාව කරා වර්ධනය වීමත් තුළින් කියවන්නා සන්තර්පනයට පත්වේ.

ගල් ගුහාවේ ස්වභාවය කියාපාමින් රත්තරන් නාට්‍යය ඇරැඹේ. එය ඉතා දිගු කතාවක පැහැදිලි කඩඉමකි. ඉන්පසු සොරු සතර දෙනෙකු ගුහාවට ඇතුලු කරවයි. එයින් අපූරු නාට්‍යමය අවස්ථාවකට කරුණු සලසා ගනියි. අනතුරුව ඔවුන් ලවා ඊයේ ඉතිරිකළ ඌරුමස් සොයවනු ලබයි. මැහැලිය සොරුනට අසුවේද ඇයට බේරීමට හැකිවේද යන විවිධ අනපේක්ෂිත ඉලක්ක මෙහිදී මතුවේ. මෙවන් නාට්‍යවෝචිත අවස්ථා හඳුනාගැනීමෙන් කියවන්නා සන්තර්පනයට පත්වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017