7 වන පිටුව
 

තැඹිලි තඹුනෙල් නවසි බෝදිලි තල් කිතුල් උඳු කැන්මෙනා
ලේනතැරී දෝතළු පුවක්‌වළු කැදලි සුවදෙල් සමගිනා
ලබු පුසුල් නාරන් දොඩන් අඹ රසැති වැල වරකා ගෙනා
තෙදැති ගණපති නුවණ දෙන් මට පුදමිමේ හැම සිතුමෙනා

තානු තරුණ අරුණ කිරණ බරණින් යස තේජනේ
රාහු අසුර අසුරන් යුද ඔද වැඩි ගිරි රාජනේ
මූනු සයකි අත් දොළසකි මයුරා පිට වාහනේ
රූනු රටේ පිහිටි කන්ද කදිරදේව රාජනේ

බලවර්දන තුඟු පාබල සිරිනුත් ගිරි රාජනේ
නැගි දුර්ජන අසුරන් දස බිඳ හැරි සිහ රාජනේ
තො සවර්දන මූණු සයකි නැගි සිකිනිඳු වාහනේ
ජයවර්දන නුවර පිහිටි කදිර දේව රාජනේ

සිද්ද රන්දුනු තදව ගනිමින් එරන් හීයක්‌ අරගෙනා
සද්ද වූ ලෙස ගොසය කරවා මඟුල් පෙරහරයෙන් ය නා
යුද්ද චුතද රොසින් සඳ හිස්‌ රාවනා බිඳ ජය ගෙනා
ඇද්ද තව මට වෙනින් පිහිටක්‌ කතරගම

කතරගම්පුර පවර යස තෙද විහිදුවන දිව යුරාණන්
ලකල සිරිලක දෙවිනරන් හට පැවත එන සොමි සඳාණන්
පඳුරු ලන කෙත් ගොයම් විලසට නුවණ මට දෙන රජාණන්
අදුරු රිවිදුරු පදට ගුරුමට කතරගම දෙවි රජාණන්

කදිරණේ කළ බරණිනේ තුනු සැරසුනේ එති සුවඳිනේ
කදිරණේ මිණි දුනු ගෙනෙ අත පොලමිනේ විදුලිය මෙනේ
කදිරණේ සැර එකතිනේ සළු අසුරනේ දප මඩිමිනේ
කදිරණේ දෙවි උතුමනේ සව්සිරි දිනේ රකු මා දැනේ

කතරණේ රුව බබලමින් සිට සූසැට බරණින් සිරිස රා
අතරණේ දුනු රැගෙන නිතියෙන් මයුර වාහන පිවිතුරා
කොතරණේ රන් මාලිගාවට වැඩම කරවා විසිතුරා
කතරණේ දෙවි සරණීනේ මට නුවණ ගෙන දෙන් පින් පුරා

රූනු රට කදිරාපුරෙහි මූණු සය ඇති දෙවිරජාණෙ නි
ආනුබාවෙන් මෙමට සිල්පය සිද්ද කර දෙන සමිදුරාණ නි
බානු තෙද බල සව් සතුන් හට එළිය කරදුන් සොමිසඳාණෙ නි
දිනු වණ සිරි දිනෙන් දින රැක කතරගම පුර දෙව්රජාණෙ නි

වතුර මෙන් රැළ තදව පෙළහර ඉසුරු වන විමනේ සුරන්
පතුර වන තද තෙදින් අදිපති මෙසිරි ලක හිමි දෙවි නරන්
නිතර සෙත් ලැබ බලා දිවයින් නොයෙක්‌ රෝදුක්‌ දුරු කරන්
නිතර යස සිරි නුවණ දෙන් මට කදිර පුර දෙවි රජුනි දැන්

ඈත කප් කෙළ ගණන් බුදු බව පතා විවරණ ලදින් සහතුට
වීත රාගත් එර්දි නුවණත් ආයුවර්දන කරන හැම විට
පාත තොටගමු විහාරේ වැඩ සිටින දෙවියනි දහම් සිහි කොට
දෝත මුදුනේ තබා වැන්දෙමි නාත දෙව් රජ නුවණ දෙන් මට

සිද්ද කිසිරැලි සමන් බොක්‌සැල් විභීෂණ සිව්වරම් රජ පති
සිද්ද මහබඹු ශක්‍ර ඉසිවර කතරගම දෙවියනුත් සිත රුති
ස්‌ද්ද පත්තිනි දොළහ දෙවියෝ භද්‍රකාලි දේවි ගණ පති
සිද්ද සිරිලක මෙහැම දෙවියෝ මෙමට ආසිරි දිගා දෙන් නිති

දිලුත් දිමුතු රිවි මෙන් තෙද පරසිදු මුළු සක්‌වල වට
මලුත් පහන් පඬුරු පුද ලැබ වැජඹෙන සහතුට
නුලුත් රතැති සුදින් දිලෙන රන් කොත් කැලුමෙන් හැම විට
අලුත් නුවර පුල්වන් දෙවි රජුනි නුවණ දෙවන් මෙම ට

තුන්තරා වැඩ මුනිදු ගඟ පැන් සනසමින් රැදි කළෙණි යේ
ගන්තරා අසවිදි දෙපසේ පිළිම ගෙවලින් ගිහිණි යේ
ඉන්පුරා ලූ දාතු දළදා දාගොබයි සිරි පැමිණි යේ
පින් පුරා ඔබ වෙහෙර වැන්දෙමි නුවණ දෙන් දෙවි කැළණි යේ

සතත හර හර විතත මුනි යුධ මේඛලා ගිරි ශොබන ම්
ගතත ශිව ශිව රූප නිර්මල වහ්නි ශොභන සන්නිහ ම්
උභය රිවිකුල මේරු සිංහල දාරු නිරිමිත සාරන ම්
ධරති ධර ධර භවති හට නාරසිංහ රජ නාරණ ම්

(c) Shilpa Sayura Foundation 2006-2017