නවකතාව, කෙටිකතාව ආදී අනෙකුත් සාහිත්‍යාංගයන්ගේ මෙන්ම නාට්‍යවලදීද චරිත නිරූපණයට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි. මේ පිළිබඳව සිය "සොඳුරු ආඥාදායකයා හෙවත් නාට්‍ය නිෂ්පාදක" නම් කෘතියේදී සුගතපාල ද සිල්වා නාට්‍යවේදියාණන් මෙවන් සටහනක් තබයි.
"...ප්‍රභූත්වයක් දරන්නේ චරිත නිරූපණයයි. සමහරවිට තේමාවටත්, වස්තුවටත් වඩා වැදගත් එයයි. චරිත ගැන විශ්වාස කළ හැකි තරමට ඔවුන්ට සිදුවන සිදුවීම් ගැන කම්පාවක් ඇතිවන පමණට ප්‍රේක්ෂකයෝ නාට්‍යය හා බැඳෙති. හොඳින් ලියවුණු චරිතයක් නළුවෙකුට පොහොසත් ගවේශණ භූමියකි. එසේම ඔහුගේ කාර්යය සිත් බඳවන එකක්ව ඉෂ්ට විපාකද ලබා දෙයි. කේඩෑරි ලෙස ලියවුණු චරිතයක් නළුවකුගේ කුසලතා හා ශූරකම් මිරිකා හරියි."
චරිත නිරූපණය කිරීම නම් ඒ ඒ චරිතයන්ගේ ක්‍රියාකාරිත්වය විවරණය කිරීමයි. නවකතාවක මෙන්ම නාට්‍යයකද චරිත (හොඳ) කළු (නරක) චරිත නොවිය යුතුය. හොඳ නරක මිශ්‍ර සංකීර්ණ චරිත විය යුතුය. ඒ ඒ පුද්ගලයන්ගේ සංකීර්ණ ස්වභාවය හා හැසිරීම තුළින් නාට්‍යයේ කාර්යය පැන නැඟිය යුතුය.
එතෙක් චරිතයක සංකීර්ණ ස්වභාවය විදහා දැක්වීමට නවකතා කරුවෙකුට මෙන් පුළුල් කාලයක් හා ඉඩහසරක් නාට්‍යකරුවෙකුට නොමැත. කිසියම් නළුවෙකු රංගභූමියට පිවිස වැඩිවේලාවක් ගතවීමට පෙර ඔහු කෙබඳු කෙනෙක්ද යන්න ප්‍රේක්ෂකයා හඳුනාගත යුතුය. ඔහු කෙබඳු චරිතයක් ඇත්තෙක්ද යන්න නිගමනය කළ යුතුය.