අභිරූපණය
 
වාචික අභිනයෙන් තොරව අංගික අභිනය හා සාත්වික අභිනය ප්‍රබලව යොදාගැනීමෙන් ගැඹුරු ලෙස කිසියම් චරිතයක්, සිද්ධියක් හා අවස්ථාවක් නිරූපණය කිරීම අභිරූපණයයි. භාණ්ඩ භාවිතයෙන් තොරවීමද මෙහි තවත් ලක්ෂණයකි. තාත්වික ලෙසින් පටන්ගන්නා අභිරූපණය බොහෝවිට අවසන් වන්නේ පරිකල්පනයෙනි.

මේ නිසා අභිරූපණ ක්‍රියාවලියේ රසය විඳිනු ලබන්නට නම් ප්‍රේක්ෂකයාට සියුම් රසඥණතාවයක්ද අවශ්‍ය වේ. එකම අවස්ථාවක අදාළ චරිත දෙකක් එක් පුද්ගලයකු නිරූපණය කරන්නේ නම් වෙන් වෙන් ලක්ෂණ ඇතිවන ලෙස අභිරූපණය කළයුතුවේ. එමෙන්ම අවස්ථා නිර්මාණයේදී එම සිදුවීම් අතිශයවෝක්තියට බරව නිර්මාණාත්මකව ඉදිරිපත් කිරීමද මෙහි තවත් ලක්ෂණයකි.

රූපණයේදී අත්‍යාවශ්‍ය සාධක වන ප්‍රතිභාව හා ආවේශය, අභ්‍යන්තර වශයෙන් චරිතය අවබෝධ කරගැනීම, නිරීක්ෂණය, ප්‍රේක්ෂක අවධානය රඳවාගැනීම අභිප්‍රේරණය (සක්‍රිය චර්යාවන් හා මනෝභාවයන් අනුව ආවේශය ගැනීම) යන රූපණයේදී අත්‍යාවශ්‍ය සාධක බොහොමයක් අභිරූපණයේදීද භාවිතා කෙරේ. අභිරූපණයේදී රූපණ කාර්යයන් වඩා තීව්‍ර වන නිසා එය රූපණයේ විශේෂ අවස්ථාවක් ලෙසද සැලකිය හැක.

අභිරූපණ ශිල්පියා බොහෝවිට ඒ සඳහා විශේෂිත ඇඳුමක් යොදාගනී. බොහෝවිට පසුතලයට ප්‍රතිවිරුද්ධ පාටක් යොදාගනුයේ කාර්යය කැපී පෙනෙන අයුරින් දිස්වීමටය. පසුතලය අඳුරු නම් අභිරූපණ ශිල්පියා සුදුපාටින් සැරසේ. පසුබිම පැහැදිලි නම් ශිල්පියා කලු වර්ණයෙන් සැරසේ. එමෙන්ම ශරීර අවයවද අභිරූපණයට අදාළ විශේෂිත ක්‍රමයකට භාවිතා කිරීමද මෙහිලා දැකිය හැකි ලක්ෂණයකි. එමෙන්ම ඇහිබැම ඇස්, කට වැනි මුහුණෙහි අංග වඩාත් තීව්‍ර ලෙස මතුකොට දැක්වීමද මෙහි ලක්ෂණ අතර වේ.

මෙම විශේෂය කොමිඩියා ඩිලාතේ නම් වූ රංග ක්‍රමයෙන් භින්න වී අවුත් විසිවන සියවසේදී ප්‍රංශයේදී පුනර්ජීවනයක් ලද රංග ක්‍රමයක් ලෙස සැලකේ. එතැනින් පටන්ගෙන වීථි නාට්‍යය ඔස්සේද යුරෝපීය හා ඇමරිකානු නාට්‍යවල ප්‍රවේශ වූ අංගයක් ලෙස ද සැලකේ.

(c) Shilpa Sayura Foundation 2006-2017