සිදුවීමක කොටසක් හෝ කෙටි සිද්ධියක් හෝ අවස්ථාවක් සැලසුමකින් තොරව පිටපතිකින් තොරව හදිස්සියේ කර පෙන්වීම එසැණ නිරූපණ නම් වේ. නළුවන් පුහුණු කිරීමේදී රංග අභ්‍යාසයක් ලෙස එසැණ නිරූපණ යොදාගනු ලබයි. ක්ෂණිකව මාතෘකාවක් දීම තුළින් නළුවා හෝ නිළිය ක්ෂණිකව තම පරිකල්පනය මෙහෙයවා චරිතයට හා අවස්ථාවට සුදුසු ලෙස මාතෘකාවට අදාළ කරුණු එක්රැස් කොට අදහස් හා හැඟීම් නිර්මාණාත්මකව ඉදිරිපත් කළ යුතුය. සංවාද ද එලෙසම නිර්මාණය කරගත යුතුය. මෙය රූපණ හැකියාව වර්ධනය කර ගැනීමට ඉවහල් වේ.
මේ සඳහා ජනකථා, ජාතක කථා, උපමා කථා ආදියේ එන චරිත පෙරහුරු අභ්‍යාස වශයෙන් යොදාගත හැකිය. කණ්ඩායම් වශයෙන්ද මෙම කාර්යයේ නිරත විය හැකිය. එහිදී නාට්‍යට උචිත අයුරින් ගොනුකිරීම, චරිත තෝරාගැනීම, සංවාද භාවිතය, චරිත නිරූපණය, නිර්මාණාත්මකව රංගය ඉදිරිපත් කිරීම වැනි ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ රංග භූමියකදී සැලකිල්ලට ගතයුතු කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමුකරමින් එම අභ්‍යාස කළ යුතුය.