රංගන අභ්‍යාස
 

රූපණ ශිල්පයේදී නළුවෙකුට තම සිරුර සැහැල්ලුවෙන් තබා ගැනීමට හුරු කෙරේ.

මෙය ශිථිල කරණය යනුවෙන් හැඳින්වේ. සිරුරක සිදුවන දැඩි ගතිය ටෙන්ෂන් (Tension) යනුවෙන් හැඳින්වේ. සිරුරේ මාංශ පේශීන් දැඩි බවෙන් යුතුව තබා ගැනීමෙන් රූපණ කාර්යය නිසි ලෙසින් ඉටුකළ නොහැකිය. මේ නිසා විශේෂ කායික අභ්‍යාස මගින් සිරුර ස්‌ථිලකරණයට යොමුකර සිරුරට අවශ්‍ය සැහැල්ලු භාවය හා සමබරතාවය ඇතිකර ගතයුතුය. මේ හේතුකොටගෙන සිරුර නම්‍යශීලි වේ. නිර්මාණාත්මක ක්‍රියාකාරකම් පහසුවෙන් හා යුක්‌තව කළ හැකිවේ.

මේ සඳහා කළයුතු අභ්‍යාස අතර කායික හා මානසික සමබරතාවය හා ශිථිලකරණය සඳහා කළයුතු අභ්‍යාස


  • ස්‌වසන අභ්‍යාස

  • සංවේදන අභ්‍යාස

  • කටහඩ සම්බන්ධ අභ්‍යාස

  • රිද්මයානුකුල අභ්‍යාස

  • තාලානුකුල අභ්‍යාස

  • ප්‍රකාශනාත්මක චලන අභ්‍යාස

    ආදිය වේ.

කායික හා මානසික සමබරතාවය හා ශිථිලිකරණය සඳහා අභ්‍යාසවලදී සිරුර චලනය කරමින් විවිධ දිසාවනට ගමන් කරවීම, එකවරම සංඥාවක්‌ නිකුත්කර පිරිස නැවැත්වීම මොහොතක්‌ නිශ්චලව සිට මන්දගාමි රිද්මයකින් පටන්ගෙන ක්‍රමයෙන් වේගය වැඩිකරමින් ඇවිදීමට සලස්‌වා එකවර නැවැත්වීම යළි යළිත් එම අභ්‍යාසය කරවීම යන අභ්‍යාස නිදසුන් කොට දැක්‌විය හැකිය.

ශ්වසන අභ්‍යාස වලදී විලම්භ ලයට, මධ්‍යලයට හා දෘතලයට ආශ්වාස කිරීමට සැලැස්‌වීම, සංවේදන අභ්‍යාස වලදී ඇත. කන, නාසය, සිරුර ආදී අංග භාවිතාවන ලෙස විවිධ අභ්‍යාස කිරීමට සැලැස්‌වීම, කටහඩ සම්බන්ධ අභ්‍යාසවලදී උස්‌හඩින් පහත් හඩින් සංවාද ඛණ්‌ඩ කියවීම, අක්‌ෂර හා ශබ්ද විවිධ අර්ථ මතුවන සේ උච්චාරණය කිරීම, කෙටි වාක්‍යය ගෙන ශබ්ද ධ්වනිය, අර්ථ ධ්වනිය, විරාමය හා අවධාරණය යන ලක්‌ෂණ මතුවන සේ අභ්‍යාස කිරීම, රිද්මයානුකුල අභ්‍යාසවලදී සරල නාට්‍යමය අවස්‌ථාවකට යොමුකර තනි තනියෙන් හෝ කණ්‌ඩායම් වශයෙන් රිද්මයානුකුලව විවිධ ප්‍රකාශයන් ඇතිවන අයුරින් අභ්‍යාසවල යෙදීම ආදිය කළ යුතු වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017