රංග කලාවේදී අතිශය වැදගත් වන්නකි. මෙය සංසරණය, ගමනය හෙවත් ගමන් විධි වශයෙන්ද හඳුන්වා දෙනු ලබයි. රූපණ ශිල්පියෙකු තම කය හසුරුවා ගැනීමේ විධික්‍රම හඳුන්වා දීමක් ලෙසද මෙය සැලකිය හැකිය. එහිලා මූලික විධික්‍රම හතක් නර්තනයේදී දැක්‌වේ.
- ක්‍ෂණික ගමනය
- විහිදුවීම්
- ලිස්‌සායාම
- නැමීම
- නැගිටීම
- පැනීම
- හැරීම
මේ විධික්‍රම හතයි.
නාට්‍යයේදී නළු නිළියන්ගේ අභිනය චලනය නම් වෙයි. එහිදී තනි තනි නළුවන් පමණක් නොව සමූහ නළුවන්ගේ ස්‌ථාන මාරුව ඉඳුම් හිටුම් පමණක් නොව ඇසිපිය හෙළන ඉරියව්වක් පවා මේ හා බැඳේ. නාට්‍යය විසින් ඉල්ලා සිටින ලය, රිද්මය සහ වේගයේ විවිධත්වය ද චලනය වශයෙන් ගතහැක.
නිර්මාණාත්මක ක්‍රියාකාරකම් සඳහා විවිධ චලන ප්‍රායෝගිකව යොදාගත හැකිය. එමෙන්ම අරමුණක් ඇතිව හෝ නැතිව කෙරෙන චලනයන් මඟින් නිර්මාණාත්මක චලන කළ හැකිය. පුද්ගල චලන උපයෝගිකර ගනිමින් විවිධ රූප රටා හා හැඩතල නිර්මාණය කළහැකි අතර පුද්ගලයන් කීපදෙනෙකු යොදාගනිමින් සාමූහික වශයෙන්ද නිර්මාණ කළහැකිය.
එකම චලනය වුවද විවිධාකාරයෙන් කිරීමේදී එක් එක් පුද්ගලයාට සුවිශේෂ වූ ගුණාංග ඒ ඒ චලනවල දැකිය හැකිය. එක් අයෙක් ගමන් කරන විලාසයට වඩා තව කෙනෙක් ගමන් කරන විලාසය වෙනස් වියහැක. එක් කෙනෙක් නැමෙනවාට වඩා තව කෙනෙක් නැමෙන අයුරු වෙනස් වියහැක. මෙවන් තත්ත්වයකට තම ශරීරයේ අවයව වල ඇති නම්‍යශීලිත්වය දැඩිලෙස උපකාරි වේ.
වේදිකාවේදී වාඩි වී සිටීම, ඇවිදීම, මාරුවීම ආදී චලනයන් සාමාන්‍ය ජීවිතයේ සිදුවන අයුරින් කළහොත් එය කලාත්මක බවෙන් තොර වේ. ප්‍රෙක්‌ෂක අවධානය යොමුකර ගැනීමට නොහැකි වේ. එහෙයින් රංගකලා අභ්‍යාසවලදී චලනය පිළිබඳ වෙසෙසින් අවධානය යොමුකළ යුතුවේ.