6 වන පිටුව
 

මූසික වාහන මෝදක හස්‌ත්‍රම්
චාමණ කර්ණ විලම්බිත සුත්‍රම්
වාමන රූප මහෙශ්වර පුත්‍රම්
විඝන විනායක පාද නමස්‌ත්‍රම්

අවනත සුරගන විකසිත වරණ මි
ඝට තට විකසිත මද ජල මුදිත මි
විකසිත කර රූහ කරතල කමල මි
ප්‍රණමිත දෘශං ගණ නාතස්‍ය රුප මි

කුම්කුම වර්ණ චතුර් භුජ යුක්‌ත ම්
නාස මුඛම් මකුටම් සිඛරන්ඩ ම්
අංකුස ලෙඩ්ඩුක දත්තසු පාද මි
වහ්නි දෘශං ගණ නාතස්‍ය රූප මි

සූරිය කුල ඇති ඉරි දෙවියන්නේ
පෑවිය අණසක ලොව පවතින්නේ
කාරිය සිතුවා සාදා දෙන්නේ
සූරිය දෙවියනි නුවණක්‌ දෙන්නේ

බබලා උදය ගිරි මුදුනෙන් වඩින්නේ
නොවලා අදුරු බිඳ ලොව එළි කරන්නේ
දැකලා සියලු රෝදුක්‌ දුරු කරන්නේ
මෙකලා සොදින් ඉරිදෙවි මා රකින්නේ

සීතා නම් රජුමෙන් ගුණ උත්තම
බීතා ජනයන් දුරුකර නිත්තම
ඈතා පිරිපත දුරදම නිත්තම
නා නා සාමිනි රකුමා නිත්තම

මෙන් දිඩ ගිරි සිරි පිරි සිරි ලත්තම
තුන් තුඩ තුනි යස ගොස කර නිත්තම
මන් මැඩ මරු මතු බුදුවෙන උත්තම
සේන් කඩ ගල සුරිඳුන් වඳු නිත්තම

ලොව සෙත් කරවන පත්තිනි සදිනේ
සළඹක්‌ අරගෙන සළු සලවමිනේ
වෙනසක්‌ නොසිතා මගෙ ගුරුවරුනේ
ආසිරි නුවණක්‌ දී මා රකිනේ

මන්ලෙස නමදිමි සරණෙත කර පෙම
නන් ලෙඩ රෝදුක්‌ පිරිපත දුරදම
දැන් මෙවදන් කවිකියමි බොළඳ මම
දෙන් මට නුවණක්‌ සුරිඳු කතරගම

60. මුදු එසල් බඩ ඉසිනා එනුවර කි
ඉස බැදි ඔටුන්නෙන් සැදුනේ රජ රුවකි
දෙපා පියුම් පෙති සුරතට රනෙන් වැකි
ඇදින ගොසින් වඳු දෙව් රජ මෙලෙසකි

(c) Shilpa Sayura Foundation 2006-2017