යන්ත්‍ර සහායක පුද්ගලාන්තර සන්නිවේදනය
 

යන්ත්‍ර සහායක පුද්ගලාන්තර සන්නිවේදන කෝණයෙන් බලන විට වඩාත් නූතන උපකරණය වී ඇත්තේ පරිගණක බුලටින් බෝඩ් පද්ධතියයි. ධය දුරකථන සම්මන්ත්‍රණයක්‌ වැනිය. එහිදී කතා කිරීම වෙනුවට ඔබ කරන්නේ සන්දේශය යතුරින් ලිවීමයි. ඔබ පද්ධතියට ප්‍රදේශ වූ කල්හි නැත්නම් "ඔන්ලයින්"  එකට ඇතුළු වූ කල්හි, ඔබට අනික්‌ සියලු දෙනාටම පෙනෙන පරිදි පණිවිඩයක්‌ තැපැල් කළ හැකිය. නිකන්ම අනන් මනන් කතා කිරීමෙන් පසුව 1989 කැලිපොර්නියා භුමිකම්පාවෙන් පසුව කොම්පියුසර්ච් සමාගම දායකයන්ට භුමිකම්පාවේ තොරතුරු දැන ගැනීමට සලස්‌වන ක්‍රමයක්‌ ඇති කළාය.




ෆැසිමිලි යන්ත්‍රය මෙන්ම මේ පරිගණකගත තොරතුරු පද්ධතිද පුද්ගලාන්තර සහ ජන සන්නිවේදන අංග එක්‌ ළං කරයි. යමෙක්‌ ප්‍රොඩිජි සේවය තුළින් දවසේ කොටස්‌ වෙළඳ පළ මිළ ගණන්, ක්‍රීඩාවක ලකුණු, විමසන්නේ නම් ඔහු කරන්නේ ජන සන්නිවේදනයට සමානම ක්‍රියාවකි.

පුද්ගලාන්තර සන්නිවේදනයේදී තනි පුද්ගලයකුට සන්දේශයක්‌ එල්ල කළ හැකිය. එමෙන්ම ජන සන්නිවේදනයේදී මෙම සන්දේශය යවන පුද්ගලයා සහ සන්දේශය ග්‍රහණය කළ පුද්ගලයා නිර්නාමික වන අතර දෙදෙනාට දෙදෙනා නොහදුනති. පුද්ගලාන්තර සන්නිවේදනයේදී මෙන් මෙහිදීද සන්දේශය වෙනස්‌ කළ හැකිවා මෙන්ම ග්‍රාහකයාට ගැළපෙන පරිදි කස්‌ කර ගන්නටද පුළුවන. අනික්‌ පැත්තෙන් බලන විට, ජනසන්නිවේදනයේ මෙන් මේ බීබීඑස්‌ පද්ධතියේ ප්‍රතිපෝෂණය සීමාසහිතය. පෞද්ගලිකව පෙනී සිටීම, කටහඩ සහ ඉඟිබිඟි ආදිය මෙහි ප්‍රදර්ශනය නොවේ.


මෙවැනි නවීන යන්ත්‍ර සහායක සන්නිවේදන උපකරණ නිසා සාම්ප්‍රදායික පුද්ගලාන්තර සන්නිවේදන වෙනස්‌කම් වලට භාජන වෙයි. අලුත් පෞද්ගලික මාධ්‍ය නිසා සන්නිවේදනයේ කායික සහ මනෝවිද්‍යාත්මක පක්‌ෂය දුරස්‌ වෙයි. ඔබේ දිවා ආහාර වේල ගැන ෆැක්‌ස්‌ පණිවිඩයක්‌ යැවීමෙන් ඔබට කිසිවකු සමඟ කතා නොකොට කෑම වේල අවසන් කළ හැකිය. එහෙත් අපට පිළිගන්නට වන දෙයක්‌ ඇත. එනම් මේ නව පෞද්ගලික මාධ්‍ය පරිහරණය වැඩි වර්ධනය වන විට අපේ සම්බන්ධතා පරාසයස හ අත්දැකීම් මාලාව විශාල වන බවයි. එහෙත් ඒ සඳහා විශාල ලෙස වියදම් කරන්නට ද සිදු වෙයි.

(c) Shilpa Sayura Foundation 2006-2017