ස්වයංක්‍රිය පිළිතුරු යන්ත්‍රය අයිතිකරුට එම පණිවිඩය අසා ඔබට දුරකථනයෙන් කතා කිරීමට අනවශ්‍ය වන්නට ඉඩ ඇත. එවිට ප්රතිපෝෂණයක් සිදු නොවේ. නැත්නම් ප්‍රමාද වෙයි. එහෙයින් යන්ත්‍ර සහායක සන්නිවේදනයේදී ප්රතිපෝෂණයක් සිදු නොවේ. නැත්නම් ප්‍රමාද වෙයි. එහෙයින් යන්ත්‍ර සහායක සන්නිවේදනයේදී ප්‍රතිපෝෂණය රඳා ඇත්තේ තථ්‍ය පසුබිම මතයි. ෂමහර විට දේශපාලනික රැස්වීමකදී කථිකයාට ප්‍රතිපෝෂණය අසන්නටද දකින්නටද පුළුවන. සමහර විටක එසේ දකින්නට අසන්නට නොලැබෙන අවස්ථාද තිබිය හැකිය. සමහර අවස්ථාවල ප්‍රතිපෝෂණය ඉතා සීමාසහිතය. දුරකථන සංවාදයක් ඇති කරන ප්‍රතිපෝෂණය ඉතා සීමාසහිතය. දැන් කතා කරන අයගේ රුව දැකීමට හෝ ඔහුගේ අංකය දැන ගන්නට පුළුවන. එය ශ්‍රව්‍ය නාලිකාවක් පමණී. ලිපියක් හුදු දෘශ්‍යමය නාලිකාවක් පමණී. අප කලින් කී සූදු යන්ත්‍ර සමඟ නම් ප්රතිපෝෂණයක් කළ නොහැකිය. ඔබේ ජංගම දුරකථන ජාලවල හෝ පේපර්වල ඇති පටිගතකරන ලද සන්දේශ ප්‍රතිපෝෂණය කළ නොහැකිය.
යන්ත්‍ර සහායක සන්නිවේදනයේ දී මතු වන ඝෝෂණය අර්ථ බාධා සහ පාරිසරික බාධාය. එය පුද්ගලාන්තර සන්නිවේදනයේදී සිදු වන බාධාය. එමෙන්ම සමහර විටක ඒ බාධා යාන්ත්‍රික බාධාද වෙයි.
මෑතක සිට වැඩි වර්ධනය වන පෞද්ගලික සන්නිවේදන මාධ්‍ය මගින් පෙනී යන දෙයක් නම් අනාගතයේදී යන්ත්‍ර සහායක පුද්ගලාන්තර ස්වේදනය ප්‍රවර්ධනය වන බවයි. අළුත් සොයා ගැනීම් දෙකක් දැවට අපට බලපෑම් වැඩියෙන්ම කරන්නේය. ඒවා නම්
1. ෆැසිමිලි හෙවත් ෆැක්ස් යන්ත්‍රය.
2. පරිගණකගත දත්ත පාදකය.
ඒවා ගැන මඳක් කරුණු මෙතැනදී සාකච්ඡා කිරීම සුදුසුය.
ෆැසිමිලි විකාශය ක්‍රි.ව. 1840 ගණන්වල සොයා ගත් පරණ අදහසකි. අඩු මුදල් වැය කෙරෙන ෆැක්ස් යන්ත්‍ර වර්ධනය නිසා 1980 ගණන්වලදී මෙම යන්ත්‍රය ලොව ව්‍යාප්ත විය. මෙම අඩු වියදමට හේතුවක් වූයේ ෆැක්ස් යන්ත්‍ර ලිපි ලේඛන විකාශය සඳහා දුරකථන රැහැන් භාවිතයයි. 1991 දී පමණක් ෆැක්ස් යන්ත්‍ර ලක්ෂයක් පමණ අලෙවි වූ බවත් යඑට හේතුව වූයේ එක් යන්ත්‍රයක් ඩොලර් තුන්සියයකට වඩා අඩු වීම බවත් ආචාර්ය ඩොමිනික් පවසයි. ව්‍යාපාරික ලෝකයට මෙය අත්‍යාවශ්‍ය මෙවලමක් වී ඇත. ලංකාවේ දැන් ෆැක්ස් යන්ත්‍රයක මිල රුපියල් 25000ක් පමණය. 1992 දී ඇමෙරිකාවේ ගෙවල් මිලියන හතක පමණ ෆැක්ස් යන්ත්‍ර තිබුණි. ලක්දිව ප්‍රධාන නගරවල දැන් සෑහෙන ප්‍රමාණයක් ඇත. දැනට ඇමෙරිකාවේ පමණක් ෆැක්ස් යන්ත්‍ර මිලියන හැටක් ඇති වෙතියි අනාවැකි පළ වී තිබේ. ඒ අතරම පරිගණක සමාගම් දැන් පෞද්ගලික පරිගණක යන්ත්‍ර ෆැක්ස් යන්ත්‍ර බවට පෙරළිය හැකි කාඩ් හෝ බොඩ් අලෙවි කරති.
යන්ත්‍ර සහායක සන්නිවේදනය සඳහා උපයුක්ත ෆැක්ස් යන්ත්‍ර ජන සන්නිවේදනයේ සහ පුද්ගලාන්තර සන්නිවේදනයේ ගති ලක්ෂණ අතර මනා එකමුතුවක් ඇති කරයි. පුද්ගලාන්තර සන්නිවේදනයේදී මෙන්ම සන්දේශ මූලයට තමන් දන්නා ග්රාහකයාට සන්දේශ ප්‍රේෂණය කළ හැකිය. ඔබේ බිරිඳට හෝ මවට ඔබ එන දිනය සහ වේලාව දන්වා ෆැක්ස් පණිවිඩයක් එවිය හැකිය. පුද්ගලාන්තර සන්නිවේදනය මෙන්ම ෆැක්ස් පණිවිඩ යැවීම ඉතා ලාබදායකය. ජන සන්නිවේදනය මෙන්ම ෆැක්ස් භාවිතයද පොදු එකකි. ෆැක්ස් යන්ත්‍රයේ ආවරණය එසවිය හැකි ඕනෑම කෙනෙකුට එම පණිවිඩය කියවිය හැකිය.