යන්ත්‍ර සහායක සන්නිවේදන අවස්‌ථාවෙහි සංකේතනය කිරීමේ ක්‍රියාදාමය මෙන්ම විකේතනය කිරීමේ ක්‍රියාදාමයද තක් අවස්‌ථාවකින් හෝ අවස්‌ථා කිහිපයකින් ගමන් කරයි.
යන්ත්‍ර සහායක පසුතලයක ග්‍රාහකයා එක්‌කෝ තනි පුද්ගලයෙකි. නැත්නම් කුඩා හෝ විශාල කණ්‌ඩායමකි. ග්‍රාහකයින් සමහර විට මූලයේ ඉදිරිපිට සිටින්නන් විය හැකිය. ඔබේ පක්‌ෂ නායකයා දිස්‌ත්‍රික් නියෝජිතයින් ඇමැතීම මෙනි.
මෙහිලා ප්‍රතිපෝෂණයද ක්‌ෂණික හෝ ප්‍රමාදි විය හැකියි. මූලය සහ ග්‍රාහකයා ළඟ ළඟම සිටින විට ප්‍රතිපෝෂණය ක්‌ෂණිකය. දේශපාලන රැස්‌වීමක අත්පුඩි ඇසෙන විට කථිකයාට ප්‍රතිපෝෂණය නිතැතින්ම ලැබෙයි. භුගෝලීය වශයෙන් මූලය සහ ග්‍රාහකයා, දෙපලක නම් ප්‍රතිපෝෂණය තත්ක්‌ෂණයෙහිම සිදුවෙයි.ලිපියකට පිළිතුරු යැවීම, ස්‌වයංක්‍රිය පණිවිඩය තබාගන්නා යන්ත්‍රයකට කතාකිරීම, ඔබේ ප්ලාස්‌ටික් කාඩ්පත ස්‌වයංක්‍රිය මැෂිමට ඇතුල් කළ විට ආපසු නොඒම වැනි අවස්‌ථාවල ප්‍රමාදි ප්‍රතිපෝෂණය සිදු වෙයි. සමහර විට ඔබ එම ලියුමට පිළිතලරක් ලිවීම අවශ්‍ය නොවන්නට ඇත.