යන්ත්‍ර සහායක සන්නිවේදනයේදී නාලිකා
 

යන්ත්‍ර සහායක සන්නිවේදනයේදී නාලිකා සීමාසහිතය. පුද්ගලාන්තර සන්නිවේදනයට බොහෝ නාලිකා භාවිතා කළ හැක. එහෙත් යන්ත්‍ර සහායක පුද්ගලාන්තර සන්නිවේදන පසුතලයේදී සන්දේශය නාලිකා එකකට හෝ දෙකකට සීමා වෙයි. දුරකථන විශ්වාසය තබන්නේ ශබ්ද තරංග සහ විදුලි බලශක්‌ති මතයි. ළිඛිත ලේඛනය සන්දේශයක්‌ යැවීමට භාවිත කරන්නේ ආලෝක කිරණයි.





සංවෘත පරිපථ රූපවාහිනී පද්ධතිය – සීසීටීවී – ආලෝක තරංග, විද්යුත් චුම්බක බලශක්‌තිය හා ශබ්ද තරංග භාවිත කරයි. තවදුරටත් කිව යුත්තේ යන්ත්‍ර සහායක පුද්ගලාන්තර සන්නිවේදනය යන පදවලින්ම හැඟෙන පරිදි ග්‍රාහකයා සහ සන්දේශ මූලය යන දෙකට මැදින් අවම වශයෙන් එක්‌ යන්ත්‍රයක්‌ හෝ පවත්නා බවයි.

යන්ත්‍ර සහායක පුද්ගලාන්තර සන්නිවේදනයේ සන්දේශයද අතිපුළුල් ලෙස වෙනස්‌ වෙයි. ඒවා වෙනස්‌ කළ හැකි, ග්‍රාහකයාට ගැළපෙන පරිදි සකස්‌ කරන ලද සන්දේශවලින් පටන් ගෙන දුරකථන පණිවිඩය වැන්නකින් පටන් ගෙන, වරක්‌ සංකේතනය කළ පසුව කිසිසේත් වෙනස්‌ කළ නොහැකි පූර්ව නිශ්චිත සන්දේශ ස්‌වල්පයක්‌ දක්‌වා විශාල පරාසයකට අයිතියි. ස්‌වයංක්‍රිය බැංකු ගණකය ඔබේ අංකය වැරදි නම් ඔබට වෙනම සන්දේශයක්‌ දෙයි. මෙම යන්ත්‍ර සහායක සන්නිවේදනය ඉතා ලාභදායකය. කඩදාසියක්‌ මත ලිපියක්‌ ලිවීම සන්දේශයක්‌ යැවීමේ ඉතා ලාභ ක්‍රමයයි. විද්යුත් සන්නිවේදනය ඊට වඩා වියදම් අධික වූවකි. ජංගම දුරකථනයක්‌ ඔබ මිලයට ගෙන ඇත්නම් එයින් කතා කිරීම සෑහෙන්නට ලාබය. ඟ^හ වීඩියෝ නැරඹීම ඊට වඩා මිළ අධිකය. සංවෘත පරිපථ රූපවාහිනී භාවිතය ඊටත් වඩා වියදම් අධිකය.


සන්දේශ එක්‌කෝ පෞද්ගලිකය. නැත්නම් පොදුය. එය රඳා ඇත්තේ පරිසරය මතයි. දුරකථන පණිවිඩයක්‌, ලියුමක්‌ හෝ විදුලි පුවතක්‌ පෞද්ගලික යන්ත්‍ර සහායක සන්දේශයකි. අත් පත්‍රිකා බෙදන්නා, ලයිට්‌ කණුවල හෝ වැලිපෝන් කණුවල ගසා ඇති පෝස්‌ටර් ආදිය පොදු සන්දේශයි. සන්දේශය අවසාන කිරීමද විවිධ විචල්‍යයන්ගෙන් යුක්‌තය. පත්‍රිකාව නොකියවා ම විසි කිරීමෙන් සන්දේශය අවසාන වෙයි. දුරකථනය ඉවත ලීමෙන් හෝ කට්‌ කිරීමෙන්, පිටතින් ඇසෙන ලව්ඩ්ස්‌පීකර් හඬ නෑසෙන පරිදි ගෙදර ගුවන්විදුලියේ හඬ වැඩි කිරීමෙන් බොහෝ සන්නිවේදන අවසාන කළ හැකිය.


 

(c) Shilpa Sayura Foundation 2006-2017