නූතන සන්නිවේදනයේ විවිධාකාර ක්‍රම මෙම ගණයට වැටෙයි. යන්ත්‍ර සහායක සන්නිවේදන විධි කිහිපයක් පහත දැක්වෙයි.
1. බැංකුවල ඇති ස්වයංක්‍රීය ගණක යන්ත්‍රය ගණුදෙණු කරුවාට චුම්බකත්වික තීරුවක් ඇති පත්‍රිකාවක් යන්ත්‍රය තුළට දමා අංක කිහිපයක් බොත්තම් මගින් තද කරන විට මුදල් ආපසු ගැනීම, මුදල් තැන්පත් කිරීම සහ ශේෂය දැන ගැනීම වැනි කටයුතු කර දෙයි.
2. ඇමෙරිකාවේ සමහර සූදු පොළවල ඇති පරිගණක ගත කාසි දමන යන්ත්‍රයක් එහි අලුවෙන් ඇල්ලූ කල පහත දැක්වෙන විද්‍යුත් සන්දේශය සූදුකරුවාට දන්වයි. "මේ පාර සවුත්තුයි. අනික් පාර ජය නියතයි."
3. සමහර යන්ත්‍ර විද්‍යුතය මගින් ඉත්තන් එහා මෙහා කරවීම ප්‍රදර්ශනය කරමින් චෙස් ක්‍රීඩාවට සලස්වයි. සමහරක් යන්ත්‍රවල ඔබ ක්‍රීඩා කරන විට "මට හිතුනා ඒක අඳියි කියල" වැනි කටහඩවල් මතු වෙයි.
4. සමහර රටවල්වල යම්කිසි ගෙවීමක් කොට යම් යම් දුරකථන අංක කරකැවූ කල්හි පටිගත කළ පෙම්කතා, කාම වර්ණනා, හඳහන් කියවීම්, පිට යාමට මිතුරු මිතුරියන් සොයාදීම් කරයි. කලකට පෙර ලන්ඩනයේ යම් යම් අංක කරකැවූ කල්හි ලක්දිව තත්වය, දෙමළ කොටි හඬකින්ද, සිංහල බලමණ්ඩලයෙන් සිංහල හඬකින්ද දැනගත හැකි විය.
5. නිව්යෝක් නුවර කිසියම් වරදකට විත්තිකරුවකු වූ විට සමාව යාචන අංකයක් කරකැවූ විට බොහෝ දෙනා කණගාටුව ප්‍රකාශ කරන කටහඬවල් ඇසිය හැකිය.
6. ඇමෙරිකාවේ සමහර අවමංගල ගල් සපයන සමාගම් සූර්යශක්තිය සහිත මුදුන් ගලක් -මළකඳේ හිස පැත්තේ තබන ගලක් - වීඩියෝ ප්‍රදර්ශන තිරයක් සමඟ අලෙවි කරයි. එවිට මළගිය ඇත්තාට තම ආදරවන්තයින්ට සන්දේශ පටිගත කර දී මිය යා හැකිය.
මේවායින් බොහෝමයක් ඔබටත් මටත් නුහුරු ඒවාය. එසේ වුවත් එම යන්ත්‍ර සහායක පුද්ගලාන්තර අවස්ථා ගැන තවත් යමක් කීම සුදුසුය.
එලෙසින්ම මෙහිදී සංකේතනයද විවිධ ස්වරූප ගනියි. එය පරිගණක වැඩසටහනක් පිළියෙළ කිරීම මෙන්ම දුෂ්කර විය හැකිය. නැත්නම් දුරකථනයෙන් කතා කිරීම තරම්ම සරල විය හැකිය. කෙසේ වුවත්, යන්ත්රසහායක සන්නිවේදනයේදී සංකේතකරණයේ අවස්ථා දෙකක් වෙන වෙනම දැක්විය හැකිය. පළමුවැන්න නම් සන්දේශ මූලය, ඔහුහේ හෝ ඇගේ සිතිවිලි වචනවලට හෝ අදාළ සංකේතවලට හෝ පරිවර්තනය කරයි. දෙවැන්න යන්ත්‍රය, සන්දේශය විකාශය හෝ ගබඩාගත කිරීම සඳහා සංකේතනය කරයි. මෙලෙසින් ඔබේ නිබන්ධනය ඔබ යතුරින් ලියන කල්හි ඔබේ සිතිවිලි වචන සහ වාක්‍ය බවට පරිවර්තනය කරන විට සංකේතනකරණයේ ප්‍රථම අවස්ථාව මතු වෙයි. දෙවැනි අවස්ථාව මතු වන්නේ ඔබේ ඇඟිලි තුඩු යතුරු මත යමින් ස්ථාවර සන්දේශය නිර්මාණය කරන විටයි. එහෙත් මෙහිදී පද බෙදීම, අක්ෂර වින්‍යාසය ආදිය මගින් අර්ථබාධා විය හැකිය. සමහර විට නූතන යුගයේ පරිගණක භාවිතයේදී මෙහි මීට වඩා අවස්ථා තිබෙන බවද මතකයට ගන්න.