පුදමි මම ඔබට පස් පඬුරෙන්ම සරා
අඹ දඹ කෙසෙල් පලවැලයෙන්ම තටු පුරා
ගොම පිරි බඩ මල් පහනින්ම සිත් පුරා
දෙවන් මට නුවණ ගණදෙවිඳු පින් පුරා
වැඳලා දෙවියන් පොත අර ගන්නේ
යැදලා ගුරුනුත් සිත නොත ලන්නේ
සකලා සිල්පය මට සෑදෙ න්නේ
දැකලා ගණදෙවි නුවණක් දෙන්නේ
සොඳින් බැබළු ගජ මූණකි පත්මේ
තෙදින් විදුරු විඥා නුවණ ත්මේ
යෙහෙන් නැගුණ මී වාහනකු ත්මා
වඳිමි ගණදෙවිඳු සිරිපා පත්මේ
සුදු දළ ගජ සොඬ මූණකි පත්මේ
සුදු මීමෙකු නැගෙමින් වැඩ ගත්මේ
සොඳ උමයංගන ඉසුරුගේ පත්මේ
වඳිමුව ගණදෙවි සිරිපද පත්මේ
අකුලාගෙන සොඬ ගජතෙකු වැන්නේ
නෙරවා කන්පොතු සුලුකුරු වැන්නේ
සියොලග ගෝමර මල්පෙති වැන්නේ
පින් ඇති ගණදෙවි නුවණක් දෙන්නේ
අඹ ගෙඩියක් උදෙසා තම විත්තේ
ලොබ කොට දිව ගොස් දළ බිඳ ගත්තේ
ඔබටම මම දැන් ගැතිවෙම් නිත්තේ
සුබ නුවණක් කිම දෙනවා නැත්තේ
නුවණ මෙමට දෙන සොඳ උමයංගා
සිව් සැට බරණින් සැදි සිව ලිංගා
පුදමින් අත්සුනු ගෙන ආ ලංගා
දෙන්මට ගණදෙවි නුවණ නොසංගා
පුරුදු කරණ සව් සතනම පුරුදු
පසිඳු ව නුවණක් ලබනට ඔබ ඳු
ගිරි දු ඉසුරු හට දාකර එවැඳු
ගනිඳුන් සිරිපද නමදිමි පසිඳු
රන් වන් අංකුස සුරතින් ගෙන නිති
බුන් දත් නෙත් යුත් ගජ මූණක් ඇති
තුන් නෙත් නන්දන කරවන වික්මැති
දෙන් දැන් නුවණක් ගණපති පින් ඇති
මන් මද ගජ කුඹ වත අත දික්ක ළ
පුන් සද මෙන් සිරි උඳුලෙව් පුන්ක ළ
කන් තල මිණි රැස ගණපති පින් ක ළ
දෙන් මට නුවණක් සමුදුර මෙන් ර ළ