අවනය ආදි ඒකප් අකුරු
එවනය ඈ දනු දිප් නම් අකුරු
දෙවන කවග සහ ලහුකය අකුරු
එයි නෑ ර සෙසුකුරු ගරුකය අකුරු
ගනිමින් පස්වග පළමුව දෙවන කුර
සමගින් සයනද ගොසය කිව් පෙර
ලයනන් තවසෙසු කුරුයයි ගොසකුර
දැනගත් මේලෙස සෝඩියෙ දෙසකුර
ගොසකුරු නොව ගොසකුර යන දෙ වගෙකි
තොස වන දනිතය සිතිලය දෙ වගෙකි
නි ස සය නිසිතය යනකුරු දෙ වගෙකි
බ ස පෙර ඇති සෝඩිය කුර මෙ වගෙකි
පස්වග යුගසව් දනිතිය ද න්නේ
එමවග වල එකතුන පවසන්නේ
නොවලහ සිතිලය දැන කියමින්නේ
මෙ ම ව ග කුරු පෙළ තෝරා දෙන්\නේ
සිතරා එකකට යාදි නව කුරු
නොහැරා දනු එක් පාදි පස කුරු
විතරා සොර එක් එක් සුන් දෙය කුරු
සපුරා දැනගත් සෝඩියෙ සිව් ගුරු
පනසෙක සොර සහ හස දෙව ගින්නේ
එහි එක එක හසකුරු සදමි න්නේ
සොළ සෙක සොර ලු කල ගණනි න්නේ
නොව සැක පන්සිය සැටකුරු ද න්නේ
සොඩියේ සූතිස් පිල්ලම කාදි
ලූකල සොරයන් සොළසක් ආදි
අකුරෙන් සතළිස් සතරක් බේ දි
ගණනින් පන්සිය සැටකින් සුසැදි
පෙර හස පර සොරසද නොව වෙනසක්
කර වියරණ විදි දැන ඇති විලසක්
කුරු හස එකකට වැඩිවිය සොළසක්
තිර කුරු මග දැනුමට වැනි දිවැසක්
සෝඩිය පටන් ගෙන වන පොත් කරව දැනා
පිල්ලම් කියා අල්පිල් අකුරු දැන ගෙනා
ලියා අකුරු වැල්ලේ ගෙඩි නොකා දැනා
ඇනවුන් සකස්කඩ සකසේ ඉගෙන ගෙනා
තුබූ තැනක සොර සතුරන් ගත නොහෙනා
එ සැඩ මනාවත් වතුරෙන් වල නොහෙනා
කෝප උවත් රජ මැතිඳුන් ගත නොහෙනා
උගත මනා සිල්පය මයි මතු රැකෙනා