අගරජ සුරරජ මුනිරජ වදනින්
මුතුහර ගෙලෙදමි දම්රජ වදනින්
උරදානේ නය මුනි සුත වදනින්
සිළුමෙන් සිතුමෙන් තිසරණ වදනින්
ක ඛ ග ඝ ඬා ච ඡ ජ ඣ ඤා වදනින්
ට ඨ ඩ ඬ ණා ත ථ ද ධ නා වදනින්
ප ඵ බ භ මා ය ර ල ව ශ ෂ වදනින්
සහළා අං ඉති සිද්ධිරස්‌තු වදනින්
අවන පටන් අං වන්නට වදනින්
දැනෙන සොලස සොරකුර පෙල වදනින්
කයන එපස් වග යානව වදනින්
මෙවන සුතිස් දනු හසකරු වදනින්
එකසොර පස්‌වග යරලව සත රා
ශ ෂ ස හ එකකුරු ලයනෙක අකු රා
සුරුවත් සමහරු නොදනිති ඉඳු රා
සෝඩිය බරකුරු දැනගත් සපුරා
කණ්‌ඨජ සත අ හ දවගය වදනින්
තාලුජ සත ඉ ය චචගය වදනින්
මුර්ධජ සත ර ළ ටචගය වදනින්
දන්තජ සත ල ස තවගය වදනින්
ඔ ෂ් ඨ ජ සය ඌ පවගය වදනින්
තා ලු ජ කන්ඨජ ඒ කුරු වදනින්
ක ණ් ඨ ජ ඔෂ්ඨජ ඕ කුරු වදනින්
ද න් ත ජ ඔෂ්ඨජ තෝ කුරු වදනින්
මුදුනය දසනය උපදින කුර ටා
යෙදූ තාලුජයද සෙසුකුරු වල ටා
ලදු අග මැද දිව ඔවුනොවු ලෙස ටා
හඳුනව කරණයකි ලෙස කුර ටාමෙලෙස කුරු උපදින තැන් දනුවා
ආලෙස අකුරට කරණය දනුවා
වූ ලෙස ඒකජ දිප්කුරු දනුවා
කීලෙස ගුරුකය ලගුකය දනුවා
එක්‌වූ අකුරට පෙරකුරු නිති නා
වක්‌වූ ගුරු දිගු බවදනු නැණි නා
දික්‌වූ නොමවන සිටි එක් මති නා
දැක්‌වූ පෙරඉසි ලුහු යයි දැනෙනා
එකමත ලුහුයයි දැන කියමි න්නේ
යුගමත දිගුයයි ගුරු පවස න්නේ
වෙනමත තුනකින් පුලුත අය න්නේ
අඩවත දැනගත් හසකුරය න්නේ
![](/sayura/images/logo2.png)