පළමුව බුදුන් වැඳ
දෙවනුව දෙසු දහම් වැඳ
මහසඟ රුවන් වැඳ
පටන් ගනිමුව ගණ දෙවිඳු වැඳ
ගණපති සුරන් වැඳ
ගුරුවර පහත බැස වැඳ
දෙගුරුන් නැමි වැඳ
ඉඳුමි වණ පොත් දී පොතට වැඳ
බුත් සරණා වදනින්
දහම් සරණා වදනින්
සඟ සරණා වදනින්
මෙතුන් සරණා වදනින්
සම්මා සම්බුත් සරණා වදනින්
නවලොව්තුරුදම් සරණා වදනින්
පිවිතුරු සව් සඟ සරණා වදනින්
පැවතුන් මේතුන් සරණා වදනින්
උතුමා නිති බුත් සරණා වදනින්
පවරා සදහම් සරණා වදනින්
සෙතයායලි සඟ සරණා වදනින්
උවදුරු හැර තුන් සරණා වදනින්
සවස්ති විභුෂණ කමලා වදනින්
සිඬම ලංකෘත විමලා වදනින්
අතුලීව මුණිවර වරනා වදනින්
ආහාහෞසුර කිරණා වදනින්
ඉහ කුල පූජිත චරනා වදනින්
ඊස නිසාකර බරණා වදනින්
උමා වධුපති මහිමා වදනින්
ඌරු මනෝහර ජඬඝා වදනින්
සෘණජ නයනා මෘතයා වදනින්
සෲකල් පායන කිරනා වදනින්
කුලසන්නැති භුවනා වදනින්
සෞමහීපති මහිමා වදනින්
එක බාහු වල ජිතයා වදනින්
ඓරාවන පූජිතයා වදනින්
ඔෂ්ඨ මනොහර ජඬඝා වදනින්
ඔෂග වෂවි කෘතයා වදනින්
අංප්රෙඩිත විධි කුසලා වදනින්
අස්තු නමෝජන තිලකා වදනින්
අංකි අක්ෂර සෝඩස වදනින්
සිද්ධම් වේවා ගණපති වදනින්