ගණ දෙවි හෑල්ල 4
 


 

ගණපති දෙති නුව ණ
මහිකත් රකිති මෙදෙර ණ
දෙන්නේ මට නුව ණ
අසන් දෙවියනි මේ දේවග ණ

ගනඳුරු දුරලව න්
නුවණින් නිපුන කරව න්
මෙනරලොව දිනව න්
සසිරි ගනදෙවි නුවණ මට දෙ න්

පුදමි ආ ලංගා
සිතුසේ කෙරෙහි අංගා
මව්ද උප යංගා
වඳිමි ගණදෙවි දොහොත් නංගා

ගණදෙවියෝ නුවණ දෙන් ට
සරස්‌වතී පහළවන් ට
සියලු රෝග දුරුකරන් ට
නිතර වදිමි තුරුණුවන් ට

සූරියකුල තෙද උතු මා
පෑවිය සක්‌වලට හැ මා
කාරිය සිතුවාට ත මා
සූරියදෙවි නමෝ න මා

ඊශ්වරා ලෙසින් ත මා
සාස්‌තරා දී නොප මා
ආස්‌පුරා ඇවිද ත මා
බාස්‌කරා නමෝ න මා

චන්ද්‍ර සහෝදර උතු මා
චන්ද්‍ර කටක පැවති ත මා
සව් සිරි දී රකු මෙතු මා
චන්ද්‍ර සුරිඳු නමෝ න මා

නිත්ත ඇවිද මෙරවට මා
සිද්දකරණ ලොවට හැ මා
උත්තම ගුණ නුවණ ත මා
සත්ත ලොක නමෝ න මා

ඔදැති තෙදැති සමා ගමා
අරති අරති අඳුරු තමා
දෙවති දෙවති නුවණත මා
ජයතු ජයතු නමෝ නමා

ගණිසුරු මහ සෙන් කන්දා
ගෙන අඩයටි සුරනින් දා
දෙමි කී අඹ පලසන් දා
මෙවිකුම් කුමරුගෙ කන්දා

ඉසුරු උමා කී බසකි න්
මයුරාසන පිට නැගෙමි න්
සක්‌වල වට දිවසැනෙකි න්
සරණත කර මම නමදි න්

(c) Shilpa Sayura Foundation 2006-2017