එම අවධියේ ප්‍රංශයේ බිහිවූ දාර්ශනිකයින් අතරින් ශ්‍රේෂ්ඨතමයා ලෙස සැළකෙන ජීන් ජැක්විස් රූසෝ සමූහාණ්ඩුවක් පිළිබඳ අදහස් ඉදිරිපත් කරමින් ලියූ "සමාජ සම්මුතිය" නම් ග්‍රන්ථයෙන් රජු හා ඔහුගේ යටත් වැසියන් එක්තරා සම්මුතියක පාර්ශ්ව කරැවන් බව ද, ඒ නිසා රජු යටත්වැසි ජනතාවගේ කැමැත්තට අනුකූලව පාලනය නොකරන්නේ නම් ඔහුගේ රජකම අහිමිවන බව ද, එවන් වාතාවරණයක් තුළ රජු නෙරපා දැමීමට සම්පූර්ණ අයිතිය ජනතාවට ඇති බවද පෙන්වා දුන්නේය.
මහජන පරමාධිපත්‍ය පිළිබඳ ඔහුගේ අදහස් අනුගාමිකයින්ට කෙතරම් ජීවයක් ලබාදුන්නාදැයි කිවහොත් ඔවු පීඩාකාරී රාජාණ්ඩුවට එරෙහිව කැරැලි ගැසීමට පවා සූදානම් වූහ.
එවකට දැනුම එකතු කර විශ්ව කෝශයක් සකස් කළ ඔහු ප්‍රංශ පාලනයේ තිඹු දූශිත මෙනම අබලන්ව පැවති ප්‍රංශ පාලනයේ දුර්වලතා රැසක් පෙන්වා දෙමින් එයට ප්‍රතිකර්ම ලෙසින් ප්‍රංශයට සුදුසු අළුත් ක්‍රියාමාර්ග රැසක් යෝජනා කළේය.
පීඩාවෙන් සිටි ජනතාව නිදහස පතා නගා සිටුවීමට ප්‍රංශ චින්තකයන් ගේ මත උපයෝගී වූ අතර ඇත්තෙන්ම තම පාලකයා කෙබඳු විය යුතුද ? ඔහුගෙන් සමාජයට සිදුවිය යුතු සේවය කුමක්ද ? යන කරුණු සාකච්චාවට භාජනය වූ අතර සමානාත්මතාවය හා පෞද්ගලික නිදහස පිළිබඳ සිතිවිලිද ප්‍රංශයේ ඇතිවීය.