1659 සිට 1755 දක්වා ජීවත්වූ මොන්ටෙස්කියු මැග්න කාර්ටා ගිවිසුම පරිදි එංගලන්තයේ ක්‍රියාත්මක වූ ආකාරයේ ව්‍යවස්ථානුකූල රාජාණඩු ක්‍රමයක් ප්‍රංශයේද පිහිටවනු දැකීමට කැමති විය.
ඔහු "නීතියේ භාරය" නම් කෘතිය මගින් සිය අදහස් ප්‍රකාශ කළ අතර ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය එකිනෙකට වෙන්වූ අංශ තුණක් මගින් ආණ්ඩුවේ බලය ක්‍රියාත්මක කළ යුතු බව කියවෙන "බල වෙන්කිරීම" පිළිබඳ න්‍යාය එමගින් ඉදිරිපත් කළේය. එම අදහස ක්‍රියාත්මක කිරීමෙන් දූෂිත රාජාණ්ඩු අහෝසි වී යන බවටත් පුද්ගලයාගේ නිදහස ආරක්ෂා වන බවටත් මොන්ටෙස්කියු තර්ක කළේය.