1945 දී ජයගත් ජාතීන් අභියස පැන නැගුණු ප්‍රශ්න පළමුවන ලෝක මහා සංග්‍රාමය අවසානයේදී පැන නැගුණු අර්බුද වලට සමාන විය. සතුරු රටවල් සියල්ලම වාගේ මිත්‍ර ජාතීන් විසින් අත්පත් කරගෙන තිබුණි. ඉංග්‍රීසි, ඇමරිකන්, ප්‍රංශ, රුසියන් යන සතර ජාතීහු ජර්මනිය අල්ලාගෙන සිටියෝය. ජපානය පැවතියේ ඇමරිකන් යුද්ධ හමුදාවක් යටතේය. එබැවින් දේශ සීමා පිළිබඳ ගැටලුවද ජාත්‍යන්තර සාමය රැකීමේ අවශ්‍යතාවයද ලෝකය ඉදිරියේ පෙනී ගියේය.
පළමුවන ප්‍රශ්නය තාවකාලික ලෙස නිරාකරණය කරන ලද්දේ මිත්‍ර ජාතීන් අත්පත් කරගෙන සිටි ප්‍රදේශ ඒ ඒ අන්දමින්ම ඔවුන්ට බාරදීමෙනි. දෙවන ප්‍රශ්නය විසඳීම සඳහා වියනා සම්මේලනය හා වර්සේල්ස් ගිවිසුමෙන් ඉගෙනගත් පාඩම් ප්‍රයෝජනයට ගෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහිවිය. මෙම සංවිධානය ආරම්භ කරන ලද්දේ 1945 දීය. ලෝක සාමය කෙරෙහි එල්ලවන කවර අන්දමේ අභියෝගයකට වුවත් මුහුණදීමට තරම් සම්පත් ඇති ඇමරිකා එක්සත් ජනපදයේ හා සෝවියට් දේශයේ ඉමහත් ශක්තිය මෙහිදී සැලකිල්ලට ගනු ලැබිණි. සන්නිවේදන හා පරිවහන කටයුතුවල ඇතිව තිබෙන ඉමහත් දියුණුව නිසා භූගෝලීය කලාප නොතකා ජාතීන් හා සිදුවීම් අතර පවතින සමීප සම්බන්ධතාවයක් ඇති බැවින් ලෝකයේ එක් ප්‍රදේශයක පවතින එදිරිවාදිකම් මුළු ලෝකයේම සාමයට බාධා ඇති කරයි. මේ කරුණු සියල්ල කෙරේ විශේෂ සැලකිල්ල යොමුකොට එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවන ලදී.
1945 ජූනි මාසයේදී සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේදී ලෝකයේ රාජ්‍ය පනහක් නියෝජනය වු සම්මන්ත්‍රණයක් පවත්වන ලදී. 'එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය' මෙහිදී සකස් කරන ලදී. 1945 ජූනි මස 26 වන දින අත්සන් තැබීමෙන් එය පිළිගන්නා ලදී. එම වසරේ ඔක්තෝබර් මස 24 දින චීනය, ප්‍රශංය, රුසියාව, බ්‍රිතාන්‍යය හා ඇමරිකා එක්සත් ජනපදය විසින්ද, තවත් රටවල් වැඩි ගණනාවක් විසින්ද ප්‍රඥප්තිය අනුමත කිරීමෙන් පසුව නිල වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇරඹිණි. මේ නිසා දැන් ලෝකය පුරා ඔක්තෝබර් 24 දින එක්සත් ජාතීන්ගේ දිනය වශයෙන් සමරනු ලබයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රධාන ආයතන හයකින් සමන්විත වේ.
මහා මණ්ඩලය, ආරක්ෂක මණ්ඩලය, ආර්ථික හා සමාජ මණ්ඩලය, භාරකාර මණ්ඩලය, අන්තර් ජාතික අධිකරණය, මහා ලේකම් කාර්යාලය යනු එම ප්‍රධාන ආයතන හයයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික සෑම රටක්ම ඇතුළත්වී සෑදී ඇත්තේ මහා මණ්ඩලයයි. මෙය රැස්වන්නේ අවුරුද්දකට එක් වතාවකි. ප්‍රධාන කාරක සභා හතක් මගින් මෙහි වැඩ කටයුතු සිදු කෙරේ. මෙම මණ්ඩලයට අයත් කාර්යයන් වන්නේ, සාමය ආරක්ෂා කිරීමත්, අධ්‍යාපනික, සංස්කෘතික, සමාජයීය, ආර්ථික හා අන්තර් ජාතික ප්‍රශන පිළිබඳ යෝජනා ඉදිරිපත් කිරීම හා ආරක්ෂක මණ්ඩලය වැනි ප්‍රධාන ආයතන වල තනතුරුවලට නිලධාරින් පත් කිරීමත්ය. මහා මණ්ඩලය රැස්වන අවස්ථාවල එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ සභිකයන් වන සෑම රටකටම එක් ඡන්දය බැගින් පාවිච්චි කිරීමට අවසර ලැබේ. ආරම්භයේදී සාමාජික රටවල් ගණන 56ක් විය. නිත්‍ය සාමාජිකයින් වන චීනය, ප්‍රංශය, සෝවියට් දේශය, ඇමරිකා එක්සත් ජනපදය හා මහා බ්‍රිතාන්‍යය යන පස් මහා බලවතුන්ගේද, නිත්‍ය නොවන සාමාජික රටවල් දහයකින්ද, 'ආරක්ෂක මණ්ඩලය' නිර්මාණය වී ඇත.
පස් මහ බලවතුන් සෑම රැස්වීමකටම පෙනී සිටින අතර ආරක්ෂක මණ්ඩලයට පැමිණෙන ඉතිරි රටවල් දහය තෝරනු ලබන්නේ මහා මණ්ඩලයේ ඡන්දයෙනි. ආරක්ෂක සභාවේ තීරණයක් ගැනීමට මහා බලවතුන් පස් දෙනා සහ තවත් සාමාජිකයින් හතර දෙනෙකුවත් පක්ෂ විය යුතුය. මහා සභාව විසින් බැස ගන්නා ලද තීරණයකට ස්ථාවර සාමාජික රටවලින් එකක් වුවද විරුද්ධව ඡන්දය දීම 'නිෂේධ බලය පාවිච්චි කිරීම' වශයෙන් හදුන්වනු ලැබේ. 1957 අවසන් වන විට රුසියාව නිෂේධ බලය හැත්තෑ වරකටත් වඩා පාවිච්චි කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අරමුණු හා ප්‍රතිපත්තිය අනුව අන්තර් ජාතික සාමය හා ආරක්ෂාව රැකීම, අන්තර් ජාතික ගැටුම්වලට මඟ පෑදිය හැකි මතභේද ගැන සොයා බැලීම, එවැනි මතභේද නිරවුල් කිරීමේ ක්‍රම හෝ ඒ සඳහා කොන්දේසි ඉදිරිපත් කිරීම, යුද්ධායුදධ සීමා කිරීම සඳහා ක්‍රම සකස් කිරීමට වැඩ පිළිවෙලක් යෝජනා කිරීම, කිසියම් ආක්‍රමණයක් වැළැක්වීම පිණිස ආර්ථික තහංචි හා අවශේෂ ක්‍රියා මාර්ග කෙරෙහි සාමාජිකයන් යොමු කිරීම, ආක්‍රමණිකයෙකුට විරුද්ධව යුද්ධ බලය යෙදවීම ආදිය ආරක්ෂක මණ්ඩලයේ කාර්යයන් වේ.පිළිවෙලක් යෝජනා කිරීම, කිසියම් ආක්‍රමණයක් වැළැක්වීම පිණිස ආර්ථික තහංචි හා අවශේෂ ක්‍රියා මාර්ග කෙරෙහි සාමාජිකයන් යොමු කිරීම, ආක්‍රමණිකයෙකුට විරුද්ධව යුද්ධ බලය යෙදවීම ආදිය ආරක්ෂක මණ්ඩලයේ කාර්යයන් වේ.

ආර්ථික හා සමාජ මණ්ඩලය රටවල් පනස් හතරක සාමාජිකයින්ගෙන් සමන්විතවේ. සෑම වසරකදීම මින් දහ අට දෙනෙකු තුන් අවුරුදු කාලයක් සඳහා මහාමණ්ඩලය විසින් පත්කරනු ලැබේ. එක්සත් ජාතීන්ගේ විශේෂඥ මණ්ඩලවල කටයුතු ඒකාබද්ධ කරන්නේ මේ මණ්ඩලයයි.
භාරකාර මණ්ඩලය සතු කාර්යය නම් අන්තර් ජාතික භාරකාර ක්‍රමය යටතට පත් කරන ලද භාරකාර ප්‍රදේශ පරිපාලනය කිරීමය.
අන්තර් ජාතික අධිකරණය නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටුවා තිබේ. මෙම අධිකරණයේ නීති පිළිගත් ඕනෑම රටකට කැමති නම් යම්කිසි ආරවුලක් නිරාකරණය කර ගැනීමට මෙම අධිකරණය වෙත ඉදිරිපත් කළ හැකිය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනිකුත් ආයතනවලට සේවය කිරීම සඳහා මහාලේකම් කාර්යාලය පිහිටුවා ඇත. මෙහි ප්‍රධානියා වන මහලේකම් ආරක්ෂක මණ්ඩලයේ නිර්දේශ අනුව මහා මණ්ඩලය විසින් පත් කරනු ලබන අතර එම සංවිධානයේ ප්‍රධාන පරිපාලන නිලධාරියාද වේ.
ඔහුගේ ප්‍රධාන කාර්යය වන්නේ අන්තර් ජාතික සාමයට හා ආරක්ෂාවට බාධාවන කවර කරුණක් වුවත් ආරක්ෂක මණ්ඩලයේ අවධානයට පාත්‍ර කිරීමය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය දේශපාලනයටම සීමාවී නැත. ලෝකයා අතර ආර්ථික සහයෝගය ගෙන ඒම සඳහා ලෝක බැංකුව පිහිටුවා ඇත. ජාත්‍යන්තර අරමුදල එබදු තවත් ආයතනයකි. විදේශීය රටවලින් ද්‍රව්‍ය මිලදී ගැනීමට ද සංවර්ධන කටයුතු සඳහා අවශ්‍යය කාර්මික සහ මුදල් ආධාර ලබා ගැනීමටද, මේවායින් ඉඩ සලසනු ලැබේ. කිසිම දේශපාලන කොන්දේසියකට යටත් නොවී තම තමන්ගේ කටයුතු සඳහා මේ සංවිධානයන්ගේ පිළිසරණ අපට ලබාගත හැකිය. ජාත්‍යන්තර සෞඛ්‍ය ආයතනය, කම්කරු සංවිධානය, ළමාරක්ෂක අරමුදල, අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය සහ අධිකරණය යනු තවත් සංවිධාන කීපයකි.