දෙවන ලෝක මහා සංග්‍රාමයේ ප්‍රතිඵල
 

ජර්මනිය සහ අක්ෂ බලවතුන් පරාජයට පත්වී 1945 දී යුද්ධය අවසන් විය. යුද්ධය හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත මිනිස් ජීවිත විනාශයක්ද ධන නාස්තියක්ද සිදුවිය. මෙහිදී යුද්ධයේ භයානක කම ලෝකයාට මැනවින් අවබෝධ විය. මෙම යුද්ධයට රටවල් 61ක් සම්බන්ධ වී ඇති අතර යුද්ධයෙන් විනාශ වු මිනිස් ජීවිත ගණනද පන් කෝටියක් පමණ වෙතැයි සඳන්වේ. ජපානයේ ආක්‍රමණ ක්‍රියා නැවැත්වීමට 1945 අගෝස්තු 6 දින පෙරවරු 8.15ට ජපානයේ හිරෝෂීමා නගරයට 'පුංචි ළමයා' නම් පරමාණු බෝම්බය ඇමරිකානුවන් විසින් ජපානයේ නාගසාකී නගරයට 'පත මිනිහා' නම් පරමාණු බෝම්බය හෙළන ලදී. මෙම නගර දෙකට මිත්‍ර පක්ෂ විසින් හෙළන ලද පරමාණු බෝම්බවලින් ඒ නගර දෙක තත්ත්පර කීපයක් තුළදී විනාශවූවා පමණක් නොව කිසිදු වරදක් නොකළ අසරණ මිනිස් ජීවිත එක් ලක්ෂ විසි දහසකට අධික සංඛ්‍යාවක්ද බිලිවිය. පරමාණු විකිරණය නිසා පරම්පරා ගණනාවක් තුළ එහි අනිසි බලපෑම් ද දක්නට ලැබුණි. හිරෝෂීමා නාගසාකි නගරවලට පරමාණු බෝම්බ හෙළීම පළමු වතාවට න්‍යෂ්ටික යුද්ධවලට මුල පිරීමකි. යුද්ධය අවසන් වීමත් සමඟ පැරිස් ගිවිසුම අත්සන් කරන ලදී.


දෙවන මහා ලෝක යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස ජර්මනිය නැගෙනහිර හා බටහිර යනුවෙන් දෙකට බෙදන ලදී. නැගෙනහිර කොටස රුසියානුන් අතට පත්විය. ජර්මනියේ බටහිර කොටස එංගලන්තය ප්‍රංශය සහ ඇමරිකාවේ පාලනයට තාවකාලිකව යටත්වී තිබී ස්වාධීන විය. ඉතා ප්‍රබල රාජ්‍යයක්ව තිබූ ජර්මනියේ බලය බිඳ වැටුණි. යුරෝපයේ සිටි වැදගත්ම ජාතියක් වු ජර්මන් ජාතිය රාජ්‍ය දෙකක් ලෙස බෙඳී වෙන්විය.

දෙවන ලෝක මහා සංග්‍රාමයේ අනියම් එහෙත් වැදගත්වූ හා යහපත් වූ ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැක්කේ එතෙක් පරාධීනව පැවති යටත් විජිත ගණනාවක් ජාතික නිදහස ලබා ස්වාධීන රාජ්‍යයන් බවට පත්වීමය. මෙසේ ඉන්දියාව, පකිස්ථානය, බුරුමය, ඉන්දුනීසියාව, ශ්‍රී ලංකාව ආදී ස්වාධීන රාජ්‍යය බිහිවිය. දෙවන ලෝක යුද්ධයෙන් පසුව රටවල් එක්වී 1945 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවා ගත්තේය. යළිත් ලෝකයේ මෙවැනි මහා යුද්ධයක් ඇති නොවීමට මෙම සංවිධානය කටයුතු කරයි.


එමෙන්ම යුද්ධයේ වැරදි කරුවන් වූ ජර්මන් හමුදාවේ උසස් නිලධාරින් 24 දෙනෙකුට විරුද්ධව නඩු විභාගයක් පවත්වා, සනහරෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම කරනු ලැබිණි. 1946 මැයි මස 3 දින විභාග කරන ලද මෙම නඩුව 'නියුරන්බර්ග්' නඩුව ලෙස ලෝක ඉතිහාසයේ වාර්තාවේ. ජාත්‍යන්තර හමුදා අධිකරණය ඉදිරිපිට මෙම නඩුව විභාගයට ගන්නා ලදී. මේ නඩු විභාගයේ ප්‍රසිද්ධ උසාවි සැසිවාර 818ක් විය. එම උසාවිය රහසිගතව 131 වාරයක් රැස්වී නඩු අසන ලදී.

(c) Shilpa Sayura Foundation 2006-2017