වළඳවා සතුටු කො ට
කපුරු බුලතුත් සොඳ ට
සිත් සමාකර එවි ට
උදහසක් නොවීම ට
අදහසක් ඇතුව සි ට
අවසරය දෙන් මෙම ට
පින්සිද්ද වෙයි ඔබ ට
දෙවන් සිල්පය මෙම ට
ගෙන්නවා ගුරු දැඳු රු
පය සෝදවා එගු රු
වතක් අඳවා සොඳු රු
උසක ඉඳුවා මහ රු
තනා පස් රස මියු රු
කුසුම් හැම ඇඟ තැව රු
දෙවා බුලතුත් කපු රු
නමා ඉස දෙපය දැ රු
ගුරුන් දෙස බලමි නේ
වැඳවැටී එම දි නේ
අවසරය අරග නේ
දැනුම් දී දකිමි නේ
සෝඩියද ගෙණති නේ
කියා සිත් ලෙස දැ නේ
පිල්ලම්ද කියමි නේ
වැල්ලේද ලියමි නේ
නම්ගමුත් කියමි නේ
සැහැලි පොත් කියමි නේ
වදන් කවි කියමි නේ
බුද්දගජ්ජය දැ නේ
එපස්වා මෙපස් වා
දහස්කල් රකිත් වා
දිනේ මතු දිනේ වා
දිනේවා දිනේ වා
ගණපති යාදින්න නිමි.