ව හා කර (වීම හා කිරීම) ධාතු වලින් සෑදෙන ආඛ්‍යාත
 

'ව' හා 'කර' (වීම හා කිරීම) යන ධාතු වලින් සෑදෙන ආඛ්‍යාත යෙදෙන කල ආඛ්‍යාත පූරණය පිණිස උක්‌තයට සම-ලිඟු-විබත් පදයක්‌ යෙදේ.

ශිෂ්‍යයා දක්‌ෂයෙක්‌ වෙයි.
ඔබ සමතෙක්‌ වෙහි.
මම දුප්පතෙක්‌ නොවෙමි.
ඕ තොමෝ අග මෙහෙසිය වූවාය.
පියා පුතු සමතකු කෙරේ.

(c) Shilpa Sayura Foundation 2006-2017