ගණ දෙවි හෑල්ල 3
 


 

පිටද රන් පළසි නා
ලමැද පිට බබල නා
දෙතන රන් කුඹු මෙ නා
උදර කලසක්‌ මෙ නා

සිහිනිඟද බබල නා
ඉඟට සළු බරණි නා
වටොර රඹ කඳ මෙ නා
දෙදන රන් බුබුලෙ නා

කෙණ්‌ඩ දුනු කැකුලෙ නා
පතුල් පියුමක්‌ මෙ නා
ලමැද රන් පාටි නා
විසිනිය ද බබල නා

සුරිඳු රජ විලසි නා
දෙවිරුවද බබල නා
ආසනේ ඉඳුව නා
බලා සුබමොහොති නා

පහන් දුම් මල් ගෙ නා
සුවඳ සඳුනෙන් ත නා
ඇමතිවරු සිටග නා
පල්ලි නම් තබමි නා

අග්ගලා කොමලි නා
තලකැරලි විලඳි නා
මල් කැවුම් රොටියෙ නා
වෙල්ල වැසුමුත් ත නා

පුලුප් බෝජන ත නා
ලාලු පැටියෙ නා
කිරිඋණ්‌ඩ පුත නා
අක්‌සුණුද ඉසිමි නා

මොර හිඹුටු දම්ප නා
අඹ දඹද ඇටඹි නා
පලුවීර දෙබරි නා
කදලි විලිකුන්ගෙ නා

උක්‌සකුරු රස ත නා
වැලද වරකා ගෙ නා
දී කිරිද වෙඬුරෙ නා
මෙසේ බෝජන ත නා

මෙවෙනි ගණ දෙවිඳුහ ට
රන් කෙණ්‌ඩියක්‌ අත ට
රන්තලිය තබා සිට
මුව සුද්ද කර එවි ට

(c) Shilpa Sayura Foundation 2006-2017