ගණ දෙවි හෑල්ල 2
 


 

වඩ වඩා සෙනෙහසි න්
මඟුල් කප සිටුවමි න්
දමායට තලා දි න්
වනාපරහළ උම න්

වෙලා නන බැඳ තදි න්
එන් උළු සොයවමි න්
පදලමද තලතෙලි න්
මුදුන් කොත් සිටුවමි න්

බිත්ති මැට්‌ පදලමි න්
සුණුපදම් ලා ඔපි න්
මකර රුව හංසය න්
ගවර දිවි සිංහය න්

මොනරු සහ ගිරවුන් ත්
කොබෙයියන් කුකුල ත්
පරවිසොඳ කොවුලනු ත්
ඇඳ බිත්ති වල මෙසි ත්

සිත්තරෙකු ගෙන්ව නා
ආසනේ තනමි නා
උඩුවියන් බඳිමි නා
වටතිරද අදිමි නා

සේර අඩි තනමි නා
වළුමල්ද බඳිමි නා
නොයෙක්‌ රුවමින්ම නා
සඳුන් මණ්‌ඩප ත නා

දෙවිරුවක්‌ තනමි නා
සොඩතළුද මුකත නා
ඉස ඔටුනු දරමි නා
ගජතෙකුගෙ හිසමෙ නා

දෙදළ කන්තල ත නා
නළළ අඩ සඳමෙ නා
දෙබැම දේදුනු මෙ නා
රුවින් සඳසේම නා

නිවන් නිලුපුල් මෙ නා
දෙතොල දළ පබළි නා
ගහණරන් අකුසෙ නා
මුකය රන් පියුමෙ නා

සවන් දෙක දිළිසෙ නා
දෙවුර රන් තොරනි නා
දෙඅත් ගනරන් මෙ නා
ඇඟිලි රන් පළු මෙ නා

(c) Shilpa Sayura Foundation 2006-2017