ජර්මනිය පෝලන්තය ආක්‍රමණය කිරීමෙන් පසුව ජර්මනිය පෝලන්තය ආක්‍රමණය කිරීමෙන් පසුව ඕලන්දය, බෙල්ජියම, ඩෙන්මාර්කය හා නෝර්වේ වැනි සාමකාමිවූද, තමන් හා කිසිම අමනාපයකින් නොසිටියාවූ රටවලට විරුද්ධවද හමුදා හා අහස් යානා යැව්වේය. මේ රටවල් ආක්‍රමණය කිරීම නිසා බටහිර ජාතීහු තවදුරටත් හිට්ලර් සමඟ කිපුණහ. බෙල්ජියම අල්ලාගත් පසු ජර්මනුන්ට මැජිනෝ බලකොටු පෙළේ උතුරු කෙළවර වටේ තම හමුදා බ්‍රිතාන්‍යයෙන් හා ප්‍රංශ වැසියන් බලාපොරොත්තු වූවාට වඩා ඉක්මනින් ප්‍රංශයට යැවිය හැකිවිය. ජර්මන් හමුදාවේ විශේෂ අංගයක් වූයේ මෝටර් ලොරි, යුද්ධ ටැංකි, යුද්ධ රථ ආදියෙන් සමන්විත වු රථ හමුදාවය. මෙහිදී ප්‍රංශ හා එංගලන්ත හමුදා පසු බසින ලදී. මේ පුවත ඇසූ එංගලන්තයේ මිනිසුන් ගෙනා ලොකු කුඩා බෝට්ටුවලින් බ්‍රිතාන්‍යය හේවායෝ ඉංග්‍රිසි ඕඩය හරහා එංගලන්තයට පැනගත්තෝය. ඔවුන්ට ඔවුන්ගේ රථවාහන, තුවක්කු හා වෙනත් දේ දමා යන්නට සිදුවිය. ප්‍රංශය කෙතරම් දුබල වීදයත් ප්‍රංශ ශක්තිය කොතරම් පිරිහුණිද යත්, එසේම ජර්මනුන්ගේ යුද්ධායුද හා යුද්ධක්‍රම කොතරම් හොඳ වූයේද යත් 1942 වසරේ සති හයක් තුලදී ප්‍රංශය පරාජය කිරීමට ජර්මනියට හැකිවිය. මේ අවධියේදී මුසෝලිනීද තම රටවූ ඉතාලිය යුද්ධයට ඇතුලු කළෙන් ඉතාලි හමුදාව ප්‍රංශයට කඩා වැදුණේය. මේ අයුරින් ප්‍රංශයට කඩා වැදුණේය. මේ අයුරින් ප්‍රංශයද ජර්මනියට යටත් විය. ජර්මන් භටයෝ ඉන්පසු අවුරුදු හතරක්ම ප්‍රංශයේ සිටියෝය. ජර්මන්-ප්‍රංශ සාම ගිවිසුම අත්සන් කරන ලදී. මේ අනුව උතුරු ප්‍රංශය ජර්මන් පාලනයට නතුවිය. චිචි නගරය මුල්කරගත් දකුණු ප්‍රංශයේ ජර්මනියට හිතවත් රජයක් පිහිටුවන ලදී. ලවාල්, ඩාලන් ආදීහු මෙහි නායකයෝ වූහ.
ජර්මනියට සිටි අනිකුත් ප්‍රධාන විරුද්ධකාරයා වූයේ බ්‍රිතාන්‍යයි. එහෙත් 'මයින් තාම්ෆ්' පොතේ එන අදහස් අනුව බ්‍රිතාන්‍යය ආක්‍රමණය කිරීම හිට්ලර්ගේ අදහස විය. ඉංග්‍රීසි නාවුක බලය ගැන හොඳින් දැන සිටි හිට්ලර් යටත් විජිත අධිරාජ්‍යය එංගලන්තයට තබා ගන්නට හැර තමා යුරෝපයේ අසමසම නායකයා වන්නට සිතා සිටියේය.
එපමණක් නොව, බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයට තර්ජනයක් නොවන රටවල් සමඟ සටන් කිරීම ඉංග්‍රිසින්ගේ සාමාන්‍ය ප්‍රතිපත්තිය නොවන බැවින් යුරෝපය තුළ ඇතිවන අවුල්වලට එරට සහභාගි නොවනු ඇතැයිද ඔහු තීරණය කළේය. බ්‍රිතාන්‍යයේ දේශපාලන හා යුද දුර්වලකම් නිසා 'එරට සුනු විසුනු කරමි'යි හිට්ලර් උදන් ඇනුවද ප්‍රංශයේ පරාජයෙන් පසු ඔහු යළිත් ජර්මන් නොවන රටවල් අල්ලා ගෙන සිටිනතුරු ඔහු සමඟ මිත්‍රකම් ඇතිකර ගැනීමට බ්‍රිතාන්‍යය සූදානම් නැති බව 1940 ජූලි මාසයේදී ප්‍රකාශ විය. මින් බලවත් සේ කෝපයට පත්වුණු හිට්ලර් ඉංග්‍රීසින්ට පහර දීමට සටනක් ආරම්භ කළේය. 1942 වන විට මුසෝලිනී හා හිට්ලර් දෙදෙනාම එක්වී එංගලන්තයට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කළේය. එංගලන්තය ආක්‍රමණය කිරීම අසීරු කාර්යයක් වූයේ එරට සතු නාවුක බලය නිසාය. එබැවින් ජර්මන් ගුවන් හමුදාව උපයෝගි කරගෙන මෙම කාර්යය ආරම්භ කිරීමට හිට්ලර් තීරණය කළේය. මහ සෙනෙවි ගෝරිංගේ නායකත්වයෙන් යුත් ජර්මන් ගවන් හමුදාව ඉංග්‍රිසි සටන ආරම්භ කළේය. ඉතා විශාල සංඛ්‍යාවක්, ජර්මන් අහස් යානාවන්ද, නියමුවන් රහිත පියාඹන බෝම්බද මේ සඳහා උපයෝගි කරගන්නා ලද නමුත්, අවුරුද්දක සටනින් පසුවද බ්‍රිතාන්‍ය රාජකීය ගවන් හමුදාව විනාශ කරලීමට ජර්මනියට නොහැකි විය. ඒ වෙනුවට සිය යුද බලය තහවුරු කරගත් ඉංග්‍රිසිහු පෙරළා ජර්මනියට පහර දෙන්නට පටන් ගත්හ. 1940 අවසානය වනවිට ඉංග්‍රිසි සටනෙන් ජයගත් නොහැකි බව හිට්ලර්ට පෙනී ගියේය.
මේ අතර යුරෝපයේ යුද්ධ තත්ත්වයෙන් ප්‍රයෝජන ගත් ඉතාලිය අප්‍රිකානු යටත් විජිතයන්ට සහ බෝල්කන් රාජ්‍යයන්ටද පහර දීම ඇරඹුවේය. බ්‍රිතාන්‍ය සෝමාලිලන්තය අත්පත් කර ගැනීම ආදී මූලික ජයග්‍රහණයන් කීපයක් ඉතාලියන් සතුවූවද ශකතිමත් ඉංග්‍රීසි ප්‍රති ප්‍රහාරයන් ඉදිරියේ ඉතාලිය පැරද පලා ගියේය. 1940 අවසානයේදී ඉතාලිය ඇතුළතම තත්ත්වය අති භයානක විය. මුසෝලිනීගේ හිතවත්තු රජයෙන් ඉවත්වූහ. 1914 අවසානය වනවිට ඉතාලියේ ආරක්ෂාව සඳහා ජර්මන් ආධාර සෙවීමට ඔහුට සිදුවිය. මේ අනුව ජර්මන් ගුවන් සහ පාබල හමුදාවන්ගේ ආධාර ඇතිව උතුරු අප්‍රිකාව සහ බෝල්කන් ප්‍රදේශවල සෑහෙන ජයග්‍රහණයක් ලබා ගැනීමට ඉතාලිය පොහොසත් විය. ඉතාලියේ අභ්‍යන්තර සංවිධානයද ක්‍රමයෙන් ජර්මන් අදහස් උදහස්වලට අනුව සකස් කරන ලදී. මෙහි අවසන් ප්‍රතිඵලය වූයේ ඉතාලිය ජර්මන් පඹයකු වීමය.
බ්‍රිතාන්‍යය ලෙහෙසියෙන් පරාජය කිරීම අසීරු බව වටහාගත් ජර්මනිය ඊළඟට කළ යුත්තේ කුමක්දැයි සිතන්නට පටන් ගත්තේය. ඇමරිකා එක්සත් ජනපදය සහ ඩොමිනියම් රටවලින් ආධාර ලබා ගන්නා බ්‍රිතාන්‍යය ක්‍රමයෙන් බලසම්පන්න වීගෙන යන බැවින් ඊට සුදුසු පිළිතුර දීම සඳහා තම ශක්තිය තහවුරු කරගත යුතු බව ජර්මන් යුද නායකයෝ අවබෝධ කරගත්හ. මේ සඳහා ක්‍රම දෙකක් අනුගමනය කළ හැකි විය. එක්කෝ තම සියලු ශක්තිය යොදවා බ්‍රිතාන්‍යය සුනු විසුනු කළ යුතුවිය. නොඑසේනම් රුසියාවට පහරදී ජර්මන් යුද බලය වැඩි දියුණු කරගත යුතු විය. රුසියාව මහා ධනාගාරයකි. විශේෂයෙන්ම දකුණු රුසියාවේ තෙල් ජර්මනියට අවශ්‍යය වී තිබුණි. එංගලන්තයට පහර දීමට වුවද ඉතා විශාල ප්‍රමාණයක තෙල් අවශ්‍යය විය.
