විලක්‌ ළඟ
 


 

නිල් රෙද්දක
අතන මෙතන
රතු මිණි කැට
දමා තිබේ.
ඩිං ඩොං! ඩිං ඩොං!

මේ මොකද්ද
කියා අපේ
පුංචි ළමයි
දන්නවාද ?
ඩිං ඩොං! ඩිං ඩොං!

අව්ව වැටී
පිපී තිබෙන
සුළඟ නටන
නෙළුම් විලක්‌
ඩිං ඩොං! ඩිං ඩොං!

විලක්‌ විලක්‌
නෙළුම් විලක්‌
මෙන්න මෙතැන
නෙළුම් විලක්‌
ඩිං ඩොං! ඩිං ඩොං!

මාළු පැටව්
රොද බැඳගෙන
චන්ඩි කමට
දුවති පනිති
ඩිං ඩොං! ඩිං ඩොං!

ගලක්‌ දමු
හැටියෙ රැල්ල
වලලු සැදි
ඉවුරට එයි
ඩිං ඩොං! ඩිං ඩොං!

යූ.එස්‌. පෙරේරා

(c) Shilpa Sayura Foundation 2006-2017