මගේ හපන්කම්
 


 

ආදරය සැම ගෙම
දිනාගත් පොඩි වියේ හිම
උපන් සිරිලක්‌ බිම
කුඩා දරු පැටවෙකි තවම මම

වල කජු ගැසී මට
සෙල්ලම් බඩු කැඩී මට
ඔංචිල්ලා පැදි මට
පුංචි වුණ මුත් හුරු තිබේ

සිරිත් මල්දම් පොත
කාගෙත් අදින ලෙස සිත
කීමට පුරුදු ඇත
ගමට මා වැනි සමත් අය නැත

වැලි බත් උයන් නට
තරගෙට ගුඩු අදින් නට
ගල් දුනු හදන් නට
කිසිම සමතෙක්‌ නැත මගෙන් පිට

මල් පිපෙන බැද්දේ
හඳුනමි බමර සද්දේ
වතුර වෙල් මැද්දේ
කෙහෙල් කොට බැඳ කවුද පැද්දේ

තරඟෙට දුව න්නේ
ඉන් කවුරුද දින න්නේ
ගමේ කොලුව න්නේ
මමය නායක පදවි ග න්නේ

දොරකඩ අස්‌නය ට
මගුල් ගෙයි ගී ගැයුම ට
නාඩගම් නැටුම ට
උපන් දස්‌කම් පිහිටියා මට

පාසලේ වැඩ ටත්
ගෙදර කටයුතු වල ටත්
සෙල්ලම් පිටිය ටත්
හුරුය මගෙ අත් වෙනත් දෙයටත්

නිවසක කුරුළු කැල
ගමේ ඇති කජු ගස්‌ වල
පුහුලන් ඉඳුණු කල
බිමට දැම්මේ මා ගැසුව ගල

කොතරම් දඟ ඇත ත්
කොල්ලන්ගෙ ඔලු පැලුව ත්
මහ ලොකු වැඩ කළ ත්
පොඩි එකා යයි ගම්මු පවස ත්

යූ.එස්‌. පෙරේරා

(c) Shilpa Sayura Foundation 2006-2017