දියරැළි මැද්දේ මල් පෙති පාවේ
නෙළුමක් පරවී මේ සැන්දෑවේ
ඒ මල් පෙත්තේ නැග ඔරු පදිමී
ගිණිකුරක් ගෙන හබලට මාගේ
පැදයමි වේගෙන් දියරැලි කපලා
එහි ඇති වෙන මල් පෙතිවල නොවදී
පිහිනන මාළු දෙපසට පිරෙති
මා යන මල් පෙති පාරුව දැකලා
හඹලේ පහරෙන් මුතු ඇට වාගේ
නැග එති පොඩි පොඩි වටකුරු බුබු
ඔරුකඳ ළපටි සුළඟට සෙලවේ
එය නොම පෙරලේ බර නැත තොටියා
ජලයෙහි වැටිලා දඟලන සත්තු
හැරගෙන ඔරුවට නංවා ගනිමි
මේ ලෙස යන මේ මල්පෙති ඔරුවේ
ගියැපසු ජලයේ බොහො දුර සනහී
මගෙ මුව ළංවී නැගිටින් පුතුනේ
කියමින් පිබිදු විට මා බැලුවා
හොඳට ම එළි වී හිරු රැස් පැතිරේ
මල් පෙති ඔරුවයි මා දුටු සිහිනේ
යූ.එස්. පෙරේරා
