හඳ මාමා
 


 

මොනවද හඳ මාමා
අපට ගෙනෙන්නේ
රස කිරි පැණි නොවෙද නඟෝ
ගෙනැවිත් දෙන්නේ

කොහෙන්ද හඳ මාමා
ඒවා ගෙනෙන්නේ
රුහුණු රටින් නොවෙද නඟෝ
අරගෙන එන්නේ

කවදද හඳ මාමා
ගෙනැවිත් දෙන්නේ
පෝයදාට නොවෙද නඟෝ
ගෙනත් දෙන්නේ

බෙදලා හඳ මාමා
කොයිබඳ යන්නේ
සඳ මඩලට නොවෙද නඟෝ
හනික නගින්නේ

ආනන්ද සමරකෝන්

(c) Shilpa Sayura Foundation 2006-2017