කැලේ පිපෙන මල් - ඉද්ද මූන මල්
විලේ පිපෙන මල් - ඔළු නෙලුම් මල්
මිදුලෙ පිපෙන මල් - රෝස සමන් මල්
වත්තෙ පිපෙන මල - නිදිකුම්බා මල්
වැටියෙ පිපෙන මල් - වැටකෙයියා මල්
ගඟේ පිපෙන මල් - සුදු කෙකටිය මල්
මුහුදු පතුලෙ ගල් - අතරෙ පිපෙන මල්
දිගට ඇදුණ වැල් - සහිත මුහුදු මල්
මොනර වලිගෙ පිල් - විහිදුණු මන කල්
හැම තැන තැන නිල් - පාට වැටුණ මල්
කඳු මුදුනක ගල් - අතර පිපෙන මල්
සැම දා සැම කල් - අමතක වෙන මල්
වෙසඟෙ පිපෙන මල් - හරි ලස්සන මල්
පොසොන පිපෙන මල් - නිල් කටරොලු මල්
මෙලෙස සදා කල් - පිපෙනව ලක තුල්
කහ රතු සුදු මල් - ජාති ජාති මල්
ආනන්ද සමරකෝන්
