දෙවන ලෝක යුද්ධයේ ආරම්භය
 

ඉන් පසුව සුඩටන්ලන්තය දෙසට ඔහු සිය අවධානය යොමු කළේ චෙකොස්ලෝවේකියාවෙන් සුඩටන්ලන්ත වාසීන්ට හිරිහැර වේ යැයි යන අදහසිනි. සුඩටන්ලන්තය යටත් කර ගත්තද බටහිර ජාතීන් නිහඩ විය. ඔවුන් නිහඩ වූයේ ජර්මන් ජාතීන් ඕස්ට්‍රියාවේද රයන්ලන්තයේද සසුඩටන්ලන්තයේද වාසය කළ බැවිනි. මේ අනුව 1936 වසර වනවිට මුළු මධ්‍යම යුරෝපයම පාහේ හිට්ලර් යටතට පත්විය. එහෙත් බ්‍රිතාන්‍යය හිට්ලර් සමඟ මියුනික් නගරයේදී සාකච්ඡා පැවැත්වීය. මියුනික් ප්‍රඥාප්තියට අනුව සුඩටන්ලන්තය අත්පත් කර ගැනීම තමාගේ අවසන් ප්‍රයත්නය බවට හිට්ලර් පොරොන්දු දුන්නේය. එහෙත් බටහිර ජාතීන් ඒ නිසා ඔහු සැක නොකළහ. අනතුරුව හිට්ලර් විසින් චෙකොස්ලෝවැකියාව අල්ලා ගත්තේය.


එය අල්ලා ගැනීමෙන් මියුනික් ප්‍රඥප්තියට විරුද්ධව හිට්ලර් සැක කළේය. මියුනික් ප්‍රඥප්තිය ඔහුගේ ක්‍රියා කලාපයේ වැදගත් අවස්ථාවකි. බටහිර ජාතීන් භේද කර ඔවුන්ගේ විශ්වාසය රැකගෙන ඔවුන් මුලාකොට, ප්‍රදේශ ලබාගත් අවධිය ඉන් නිමාවිය. චෙකෝස්ලෝවැකියාව අල්ලා ගැනීම නිසා මධ්‍යම යුරෝපයේ බලය මෙන්ම අග්නිදිය යුරෝපයේ බලයද හිට්ලර් සතුකර ගත හැකියැයි බටහිර ජාතීන්ට පෙනී ගියෙන් ඔවුහු ඔහුට විරුද්ධ විය. ඔවුන් වඩාත්ම හිට්ලර්ට විරුද්ධ වූයේ චෙකෝස්ලෝවැකියාවේ යුද ආයුධ නිපදවන කම්හල් හිට්ලර් සතු වූ හෙයිනි. හිට්ලර්ගේ චෙකෝස්ලෝවැකියානු ආක්‍රමණය බටහිර ජාතීන්ගේ ඇස් ඇරවූ බව මේ අනුව කිව හැකිය.

                    

එංගලන්ත පාර්ලිමේන්තුවේ වැඩි බලයක් වින්ස්ටන්ට්වර්විල් මහතාට නෙවිල් වෙමිබලේන් පරදවා ලබා ගත හැකිවූයේ මේ අවස්ථාවේදීය. හිට්ලර්ගේ ක්‍රියා කලාපය නිසා රුසියාවද ඔහුට විරුද්ධව යාමට ඇති හොඳම ක්‍රමය නම් ඔහු හා මිතුරුවී පසුව ඔහුට පෙරළා පහරදීම බව කල්පනා කළේය. මේ අනුව රුසියාවේ ජෝසප් ස්ටාලින් ජර්මනියත් සමඟ නට්සි කොමියුනිස්ට් ගිවිසුමක් අත්සන් කළේය. ස්ටාලින්ගේ අදහස වූයේ එමඟින් බටහිර ජාතීන් සමඟ හිට්ලර් තව තවත් කෝපගන්වා බටහිර ජාතීන්ට විරුද්ධව හිට්ලර් කටයුතු කිරීමට පොළඹවා පසුව නට්සි විරෝධි කඳවුරට එමඟින් පැනගෙන පෙරළා හිට්ලර්ට පහර දීමයි. චෙකෝස්ලෝවැකියානු ආක්‍රමණය නිසා පෝලන්තය වඩාත්ම බියට පත්විය. ඒ පෝලන්තය දෙසට හිට්ලර්ගේ අවධානය ඉන් අනතුරුව යොමුවුණ බව ඔවුන් දැනගත් බැවිනි. ඩැන්සිග් ප්‍රදේශයේ වාසය කළ ජර්මන් ජනතාව මුදවා ගන්නට යයි ඩැන්සීග් ආක්‍රමණය කිරීමෙන් පෝලතයේ බලය හිට්ලර්ට ලබාගත හැකි බව බටහිර ජාතීහු දැනගත්හ. ඉතාලිය, ඇල්බේනියාව ආක්‍රමණය කළේය. ඉතාලිය ජර්මනිය හා ජපානයේත් ක්‍රියා කලාපය නිසා නොසන්සුන්වී සිටි බටහිර ජාතීන් පෝලන්තය, ග්‍රීසිය, රුමේනියාව යන රටවලට කොන්දේසි රහිතව ඕනෑම යුද්ධ අවස්ථාවකදී ආධාර දෙන බවට ගිවිස්සේය. මෙයින් පෙනෙන්නේ ඉතාලි ජර්මන් විරෝධි ක්‍රියා 1939 වනවිට යුරෝපයේ ඇතිවීමයි. පෝලන්තයට සහාය දීමට අදහස් කිරීම ගැන හිට්ලර් බ්‍රිතාන්‍ය සමඟ කිපුණේය. ඉංග්‍රීසි ජර්මන් යුද්ධයකින් පළාත් ලැබෙනුයේ රුසියාවට යයි ජර්මනිය පැවසුවේය. එමෙන්ම යුරෝපයේ ආධිපත්‍යය තමාට ලබාගෙන යුරෝපයෙන් පිට ප්‍රදේශවල බලය එංගලන්තයට ලබා දෙන බවද ජර්මනිය පැවසීය. එහෙත් එංගලන්තය මීට විරෝධය පළ කළේය. එංගලන්තය, ප්‍රංශය, පෝලන්තය, ග්‍රීසිය, රුමේනියාව, තුර්කිය යන ජාතීන් තවදුරටත් නට්සි විරෝධි පිල ශක්තිමත් කළේය. ඉන් කිපුණු හිට්ලර් බ්‍රිතාන්‍යය සමඟ ඇතිකර ගෙන තිබූ නාවික ගිවිසුම අවලංගු කළේය. මේ අනුව ජර්මනිය ඉතාලිය හා ජපානය එක පිලකටත් අනෙක් ජාතීන් එකපිලකටත් යනුවෙන් පැවතීමෙන් ඇත්තවශයෙන්ම ලෝක සංග්‍රාමයක් ඇතිවීමට අවශ්‍ය වූයේ අවස්ථාවක් පමණී.

රුසියාවද පෙරකී පරිදි ආත්මාර්ථය තකා ජර්මන් පිලට බැඳී සිටියේය. ජර්මනිය හා රුසියාව නැගෙනහිර යුරෝපය තමන් අතට ගැනීමට කටයුතු කළහ. 1939 අගෝස්තු අවසානයේදී හිට්ලර් සහ ස්ටාලින් දෙදෙනා මොනවා වුණත් තමන් එකිනෙකාගේ කටයුතුවලට ඇඟිලි නොගසන බවට බවට ගිවිසුමක් ඇතිකර ගත්හ. බ්‍රිතාන්‍යය හා ප්‍රංශය මොවුන්ගේ මේ ක්‍රියාවෙන් තිගැස්සී ගියේය. අනිකුත් රටවල්ද ඇවිස්සිණි. අදක්ෂ පක්ෂය සාදන ලද්දේ රුසියන් කොමියුනිස්ට් වාදයට විරුද්ධව බව ඔවුන් කවුරුත් කල්පනා කරන්නට වූහ. තමන් කරන්නට යන දෙයින් යුද්ධයක් ඇතිවිය හැකි බව දැන සිටි නමුත් සමහර විට වෙනත් රටවල් මැදිහත් නොවිය හැකියයි සිතා සිටි හිට්ලර් වහාම 1939 සැප්තැම්බර් මස 1 දින පෝලන්තයට ප්‍රහාර එල්ල කළේය. මේ දෙවන ලෝක යුද්ධයේ ආරම්භයයි.

ඊට දින දෙකකට පසුව එනම් සැප්තැම්බර් 3 දින එංගලන්තය හා ප්‍රංශය ප්‍රතිඥා දී තිබූ ආකාරයට, පෝලන්තයට ආධාර පිණිස ජර්මනියට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කළේය. ජර්මන්නු පෝලන්තයේ අගනුවර වු වෝර්සෝ නගරයට බෝම්බ හෙළා එම නගරයෙන් වැඩි කොටසක් විනාශ කරමින් යුද්ධය ආරම්භ කළෝය. පෝලන්ත යුද්ධ හමුදාව පාවිච්චි කළ යුද්ධායුදවලට වඩා ඉතා හොඳ යුද්ධායුද ජර්මනුන්ට තිබුණේය. විශේෂයෙන් වානේ තහඩුවලින් සුරක්ෂිත කොට සාදනලද්දාවූත්, කාලතුවක්කු හා මැෂින් තුවක්කු සවිකරන ලද්දාවූත් යුද්ධ ටැංකි ජර්මනුන්ට තිබුණි. මෙසේ ජර්මනුන් බටහිර පෝලන්තය යටත් කරගත් අතර රුසියාවෙන් යැවුණු හමුදාවක් විසින් නැගෙනහිර පෝලන්තය අල්ලා ගන්නා ලදී. ඉතාලියත්, ජපානයත්, ජර්මනිය සමඟ මිත්‍රවී සිටි නමුත් මුලදී යුද්ධයට නොබැදුනේය. යුද්ධය ආරම්භ වු වහාම එංගලන්ත හමුදා ප්‍රංශයට ගොඩ බැස, ප්‍රංශ හමුදා හා එක්ව ජර්මනුන්ට මුහුණ දුන්හ. ප්‍රංශය හා ජර්මනිය අතර දේශ සීමාව දිගටම ගොඩ නගන ලද 'මැගිනෝලයින්' නම් ඉතා ශක්තිමත් බලකොටු පෙළක ආරක්ෂාව ලබමින් ප්‍රංශ සේනාවෝ රැකවල් ගෙන සිටියෝය. මේ බලකොටුපෙළ කොතරම් ශක්තිමත් වීද යත් ජර්මනුන්ට ඒවා කඩා බිඳගෙන ප්‍රංශයට ඇතුල්වීම කිසිසේත් නොහැකි වැඩකැයි ප්‍රංශ වැසියෝ තදින්ම විශ්වාස කළහ. මුහුදු සටන් වලදී සබ්මැරීන් නැව් විසින් බ්‍රිතාන්‍යය හා ප්‍රංශය නැව්වලට පහර දී ඉන් සමහරක් ටෝර්පිඩෝ බෝම්බ මාර්ගයෙන් මුහුදු බත් කරන ලදී. මෙසේ පෝලන්තය පහසුවෙන්ම නට්සීන් අතට පත්විය. 1939 ඔක්තෝබර් මස හිට්ලර් පෝලන්තයේ සිට නට්සි ආක්‍රමණ එතැනින් නිමවුණ බව ප්‍රකාශ කළේය. බටහිර ජාතීන් මේ බව පිළිගෙන නිසොල්මන්ව සිටිය යුතු බවද ඔහු බටහිර ජාතීන්ට කීවේය. එහෙත් නිසොල්මන්ව සිටීම තම අවාසියට හේතුවන බවත්, තමන්ට තරම් නොවන බවත් බටහිර ජාතීහු සිතූහ. ඒ නිසා ඔවුහු හිට්ලර්ගේ ක්‍රියා කලාපය හෙළා දුටුවෝය. නට්සි සෝවියට් ගිවිසුමට අනුව එස්ටෝනියා, ලැව්වියා, ලිතුවේනියාව යන බෝල්ටික් රාජ්‍යයන් තුන සෝවියට් පාලනයට නතුකර ගන්නා ලදී. එපමණක් නොව රුසියාව තම අසල්වැසි රටවූ ෆින්ලන්තය සමඟ කලහ කොට, එයට විරුද්ධව හමුදාවක් යවා, එරටද අත්පත් කර ගත්තේය. සමහර විට රුසියාව මෙසේ කරන්නට ඇත්තේ අනාගතයේදී ජර්මනිය විසින් රුසියාවට පහරදීම සඳහා ෆින්ලන්තය මුල් බිමක් කර ගනීවීය යන සැකය නිසාය. ජර්මන් රුසියන් මිත්‍රත්වය කොයි වෙලේ බිඳී යා හැකිද යන්න මේ අනුව සිතා ගත හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017