ජාතීන්ගේ සංගමය අසාර්ථක වීමට බලපෑ කරුණු
 

ජාතීන් සංගමයේ සමාජිකත්වයට යුරෝපයේ සියලුම රාජ්‍ය ඇතුළත් නොවීය. රුසියාව, ජර්මනිය වැනි සමහර රටවල් ද සාමාජිකත්වය සඳහා ආරාධනා නොලැබුණි. ඉතා බලසම්පන්න වු එමෙන්ම යුරෝපීය ප්‍රශ්නවලදී සාධාරණ ලෙස ක්‍රියා කළ හැකිවූ එකම රටවන ඇමරිකා එක්සත් ජනපාදය සංගමයට බැදුෙණ් නැත. ජර්මනිය වැනි සතුරු රටවල්ද එයින් බැහැර වුණි. ඊජිප්තුව, ඇෆ්ගන්ස්ථානය වැනි රාජ්‍යයන් සම්පූර්ණ කාලය තුලදී ම එහි සාමාජිකත්වයෙන් ඉවත් ෙකාට තිබුණි. මේ අනුව බලන විට 1919 න් මෑත යුගයේ රාජ්‍යයන් තුළ මතුවුණු සෑම ගැටළුවක් පිළිබඳවම කටයුතු කිරීමේ හැකියාවක් ජාතීන්ගේ සංගමයේ නොතිබුණු බව එහි මූලාරම්භය දෙස බැලීමේදී හෙළිවේ. මේ ලෙස බලන විට ජාතීන්ගේ සංගමය ප්‍රංශය, එංගලන්තය සහ ඔවුන්ට පක්ෂ වන තවත් රාජ්‍ය කීපයකුත් ජපානය සහ යුරෝපා ප්‍රශ්න ගැන කිසිවක්ම නොදන්නා කුඩා ඇමරිකන් රාජ්‍ය කීපයකුත් හවුල් වීමෙන් සෑදුණි. බොහෝ දෙනෙකු ජාතීන්ගේ සංගමයට බැදුණේ ප්‍රතිපත්ති සඳහා සටන් කොට ලෝක සාමය රැකීමට නොව ඔවුන්ගේ වාසිය පතාය. එසේම ජාතීන්ගේ සංගමයේ ප්‍රධාන පරමාර්ථය වූයේ ජාතීන්ගේ නිදහසයි. ඇත්ත වශයෙන්ම ජාතීන්ගේ සංගමයේ ක්‍රියාකාරිත්වය දෙස බලන විට ජාතීන්ගේ නිදහස සම්පූර්ණ වශයෙන්ම ආරක්ෂා වූයේ ද යන්න සැක සහිතය. සෑම ප්‍රශ්නයකටම ඒකමතිකව තීරණයක් ගත යුතු යයි ව්‍යවස්ථාවේ අඩංගු වුවද එලෙස තීරණය ගත නොහැකි අවස්ථාද නැත්තේ නොවේ. යුදධ නැති කිරීම සඳහා වොෂිංටන්හි රැස්වී 1921 සහ 1922 වර්ෂවල යුධෝපකරණ සම්මේලනයක් පැවැත්වීය. තමතමන්ගේ නාවික හමුදා අඩු කරන්නටත් විෂවායු ආදිය පාවිච්චි කිරීම අත් හරින්නටත් ජාතීන් එකඟ වුණි. 1925 දී බ්‍රිතාන්‍යය, ප්‍රංශය, බෙල්ජියම, ඉතාලිය සහ ජර්මනිය එකතුවී එකිනෙක යුද්ධ නොකරන බවට 'ලොකානෝ' ගිවිසුමින් පොරොන්දු දුනි. මෙලෙසින් බලන කල ජාතීන්ගේ සංගමය මුල් අවධියේදී තම පරමාර්ථ හොඳින් ඉටු කර ගැනීම සඳහා යම්කිසි ප්‍රයත්නයක් දැරූ අන්දම පැහැදිලි වේ. විශේෂයෙන්ම මහා බලවතෙක් හා කුඩා බලයක් සම්බන්ධව ඇතිවුණු ගැටුමකදී ජාතීන්ගේ සංගමය අනුගමනය කළ ක්‍රියා කලාපය විශිෂ්ඨය. ඉතාලිය හා ග්‍රීසිය අතර උද්ගතවුණු ගැටුම එයට හොඳ නිදසුනකි. ජාතීන්ගේ සංගමය ගැන විවේචනාත්මකව බැලීමේදී එහි යම් යම් දුර්වලතා ද දැකිය හැකිය.

 

මහා බලවත‍න් අතර පළමු ලෝක යුද්ධයට පෙර ඇති කර ගත් රහස් ගිවිසුම් නිසාත්, සුළු ජාතීන්ගේ වාසිය තකා ඔවුන් ක්‍රියා කළ නිසාත්, ඉදිරි යුගයේ බලය පතා නැගී සිටීමේ කැමැත්තක් එම ජාතීන් තුළ ඇතිවූ බව කිව හැකිය. පරාජිත ජාතීන් ජාතීන්ගේ සංගමය දුර්වල කිරීමට යම් යම් ක්‍රියාමාර්ග ගත් නිසා ජාතීන්ගේ සංගමය අසාර්ථක වීමට බලපෑවේය. ජපානයේ අධිරාජ්‍යවාදය ඇතිවීමත්, ජර්මනියේ හිට්ලර් ප්‍රමඛ නට්සි පක්ෂය බලයට ඒමත්, ඉතාලියේ මුසෝලිනි ප්‍රමුඛ ෆැසිස්ට් පක්ෂය ඇතිවීමත්, එක්සත් ජනපදය ජාතීන්ගේ සංගමයෙන් ඈත්වී සිටීමත් ජාතීන්ගේ සංගමය අසාර්ථක වීමට බලපෑ කරණු අතර වේ.

ජාත්‍යන්තර ආරවුල් විසදීමට නීති මාර්ගය යොදා ගැනීමට හැකි වූවත් නීතිය කඩකලවුන්ට දඩුවම් දීමට ජාතීන්ගේ සංගමයට බලයක් නොවීය. මෙයද එහි අසාර්ථකත්වයට හේතුවූ කරුණකි. එංගලන්තය වැනි ප්‍රධාන බලයන් පවා අන්‍ය සහයෝගයේ අවශ්‍යතා සහ මිත්‍රත්වය නිසා ආත්මාර්ථකාමීව කටයුතු කරන ආකාරය ජාතීන්ගේ සංගමයේ දුර්වලත්වය ඇමරිකාවට සහ ප්‍රංශයට සිදුවිය. 1930 ගණන් වන විට ඇත්ත වශයෙන්ම යුරෝපයේ ජාතීන්ගේ නිදහස නිසා ජාතීන් නැගී සිටීමේ ව්‍යාපාර බොහෝ විට දක්නට ලැබේ. ජාත්‍යන්තර වශයෙන් සාමයත් සහයෝගිතාවයත් ඇතිවීමේ ඉඩකඩ මේ අනුව ඇහිරී ගිය බව කිව හැකිය. අවසාන වශයෙන් ජාතීන්ගේ සංගමය මුල් අවධියේ තරමක් දුරට සාර්ථකව කටයුතු කළ බවත් ඉහත කී කරුණු අනුව එය දුබල වී ගිය බවත් ඇමරිකාව ඉන් ඈත්වීමෙන් සම්මේලනයේ ක්‍රියා කලාපය සම්පූර්ණයෙන්ම දුර්වල වු බව කිව හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017