වූඩ් රෝ විල්සන්ගේ ප්‍රකාශනය යටතේ ජාතීන්ගේ සංගමය වර්සේල්ස් ගිවිසුමට ඇතුළත් විය. සාම සාකච්ඡාවන්හි ඉතා වැදගත් ජයග්‍රහණය ජාතීන්ගේ සංගමය වශයෙන් හැඳින්වේ. 1919 පිහිටවූ මෙම සංගමය ජාත්‍යන්තර වශයෙන් සංස්ථාවක් පිහිටුවා ගත් ප්‍රථම අවස්ථාව මෙය නොවන අතර 17 සියවස පටන්ම යුරෝපයේ ජාත්‍යන්තර ගැටලු නිරාකරණය කර ගැනීමට ජාත්‍යන්තර සංවිධානයක් අවශ්‍ය බව නොයෙක් ආකාරයෙන් ප්‍රකාශ වී තිබුණි. 20 වන සියවසේදී ජාත්‍යන්තර සංවිධානයක් ඇතිකිරීම අවශ්‍යම විය. ගොඩබිම්, මහුදු, දුම්රිය, පරිවහන ක්‍රම දියුණුවීම, ජනගහණය වැඩිවීම, විදුලි පණිවුඩ ක්‍රම, විදේශීය වෙළඳ කටයුතු දියුණුවීම යන ලක්ෂණ හේතුකොට ගෙන යුරෝපය පමණක් නොව යුරෝපා නොවන රාජ්‍යයන් අතරද සම්බන්ධතාවයක් 20 සියවසේදී නිතැතින්ම ඇතිවුණි. මෙම සම්බන්ධතාවය වැඩිවීමත් සමඟම ජාතීන් අතර ගැටුම්ද ඇතිවිය. දේශපාලනික වශයෙන් කටයුතු කිරීම සඳහා මීට පෙරත් යුරෝපා සංගමය වැනි ක්‍රම පිහිටුවා තිබුණි. ජාතීන්ගේ සංගමය පසුකාලයක අසාර්ථකත්වයක් ඇති සංවිධානයක් වුවත්, ඒ පිළිබඳ වැදගත් අවධානයක් යොමු කළ යුතුය. ජාත්‍යන්තරික වශයෙන් ලෝකයේ සාමය පවත්වා ගැනීමටත් යුරෝපයේ යලිත් අවුල් වියවුල් වලින් බේරා ගැනීමටත් ජාතීන්ගේ සංගමයේ නියෝජිතයෝ කටයුතු කළහ. ජාතීන්ගේ සංගමය කොටස් තුනකින් යුක්තය.
පළමු සංස්ථාව
දෙවන සංස්ථාව
බ්‍රිතාන්‍යය, ඇමරිකා එක්සත් ජනපදය, ඉතාලිය, ප්‍රංශය, ජපානය යන මහා බලවතුන්ට ස්ථාවර සාමාජිකත්වයක් තිබුණි.
තුන්වන සංස්ථාව
තුන්වන සංස්ථාව වූයේ ජිනීවාවල පිහිටවු ස්ථාවර මහා ලේකම් කාර්යාලයයි. මෙම මහා ලේකම් කාර්යාලය ජාතීන්ගේ සංගමයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළේය. ජාතීන්ගේ සංගමයේ ව්‍යවස්ථාවලට ඇතුළත් වගන්ති 26ට අනුකූලව සාමාජික රාජ්‍යයන් යම් යම් අයුරින් කටයුතු කිරීමට පොරොන්දු විය.
එකිනෙකට විරුද්ධ යුද්ධ ප්‍රකාශ කරනුයේ නම් ජාතීන්ගේ සංගමය වෙත කරුණු දන්වා සිටිය යුතු විය. මේ අනුව බලනවිට යම් රාජ්‍යයක් ව්‍යවස්ථාවේ කටයුතු වලට විරුද්ධව කටයුතු කළහොත් අනෙකුත් රාජ්‍යයන් ඊට එරෙහිවන බව පෙනේ.
ජාතීන් අතර නිරායුද කිරීමක් ඇතිකර ගන්නට සාමාජිකයෝ පොරොන්දු වූහ. ජාත්‍යන්තර සහයෝගයත්, ජාත්‍යන්තර සාමයත් වර්ධනය කිරීම ජාතීන්ගේ සංගමයේ පරමාර්ථය විය. ජාතීන්ගේ සංගමයේ ඉතා වැදගත් ලක්ෂණය භාරකාර ක්‍රමයයි. පරාජය වු රාජ්‍යයන්ගේ යටත් විජිත, ජාතීන්ගේ සංගමය විසින් තෝරාගත් රාජෘයන් අතර බෙදා දෙනු ලැබිණි. ජයග්‍රාහි රාජ්‍ය ජාතීන්ගේ සංගමය ප්‍රමුඛ වු හේතුවෙන් භාරකාරත්වය බෙදා ගැනීමේදී මිත්‍ර පාක්ෂිකයින් වැඩිවාසි ලබන්නට ඇත. සෑම භාරකාර රාජ්‍යයක්ම සියලුම ප්‍රදේශ සම්බන්ධව වාර්ෂිකව ජාතීන්ගේ සංගමයට වාර්තා කළ යුතුවිය. එම කටයුතු සම්බන්ධයෙන් උපදෙස් දීමට ස්ථාවර කොමිෂන් සභාවක් පත් කෙරිණි. මෙවැනි කුඩා කොමිෂන් සභා ගණනාවක්ම ජාතීන්ගේ සංගමය ආශ්‍රිතව බිහිවිය. ජාතීන්ගේ සංගමයේ ක්‍රියාකාරිත්වය දෙස බලන විට මූලාරම්භයේ සිටම එහි ක්‍රියාකාරිත්වය අඩපණ කිරීමෙහිලා යම් යම් ලක්ෂණ දක්නට ලැබේ.