කලු මැණිකගෙ ගල්ලෑල්ල
 


 

කලු මැණිකගෙ ගල් ලෑල්ල
කලුම කලු වගෙයි
ඉරි ඇඳලා-කොටු ගහලා
හරිම හරි අගෙයි

රූප අඳිනවා ලස්‌සන අකුරු ලියනවා
ඉලක්‌කම් වලින් පොඩි
පොඩි ගණන් හදනවා

වතුර උලන්නේ - පිහදාලා අරගන්නේ
උල් කර කර ගල්කුරෙන් තමයි ලියන්නේ

උදෙන් නැගිට ඉස්‌කෝලේ පාඩමද ලියන්
මැණික යන්නෙ ගල්ලෑල්ල ඔළුව උඩ තියන්

(c) Shilpa Sayura Foundation 2006-2017