දැන් නිවාඩු කාලේ
 

දැන් නිවාඩු කාලෙ හින්දා නෑ ඉස්‌කෝලේ
ආයි ආයි ආපි ඔන්න සෙල්ලම් කාලේ

මං පළවෙනි ආව කියල -
අම්මට හරි ආස හිතිල
දෙනව කිව්ව තෑගි ගෙනැල්ලා

තාත්ත මට ආදරේලු ආච්චි මට හාදු දේලු
නැන්ද දේවි ඇඳුම් මසාලා

කෝචීචියෙන් ගමට යනව
කිරියි පැණියි කාල එනව
පදින්න හැකි රන් ඔන්චිල්ලා

කරුණාරත්න අබේසේකර

(c) Shilpa Sayura Foundation 2006-2017