පිරිසිදු ලෙස අඳින්නට යි
පමණට මිස නොකන්නට යි
කීකරු ව ම වෙසෙන්නට යි
වැඩි සිටියත් පුදන්නට යි
සිප් සත දැන උගන්නට යි
ආගම පිළි පදින්නට යි
පත් සඟරා බලන්නට යි
ලෝකය ගැන සොයන්නට යි
නොනිසි මඟෙක නොයන්නට යි
මතු දියුණුව ලබන්නට යි
පොදු වැඩෙහි ද යෙදෙන්නට යි
රට ජාතිය රකින්නට යි
