රෝස මලේ නටුවෙ කටු
 


 

රෝස මලේ
නටුවෙ කටු
වන බමරෝ
ඔහොම හිටු

නටුව නොවේ
මල සිඹිමි
මම ළමයෝ
පැණි උරමි

වන බමරෝ
මෙහෙම මලක්‌
පැණි තොපටයි
මල අපටයි

ලස්‌සන මේ - මල් කුමරි
රැගෙන නෙලා - මම සිඹිමි

(c) Shilpa Sayura Foundation 2006-2017