හඳ
 


 

රන්පිඟාන ලෙස වටකුරු
දිලිහි දිලිහි තිබෙන අපුරු
හඳහාමියෙ හඳහාමියෙ
කිරිත් පැණිත් දියෝ දියෝ

එම පිඟාන මැද හිඳින්නේ
හාවෙකි කිරි පැණිද කන්නෙ
හඳ හාමියෙ හඳ හාමියෙ
කිරිත් පැණිත් දියෝ දියෝ

අමාවකයි නුඹ නැතිදා
අටවක නැමි පනාවදා
හඳ හාමියෙ හඳ හාමියෙ
කිරිත් පැණිත් දියෝ දියෝ

පසළොස්‌වක පිඟාන දා
නුඹට මගේ දෝත ඉදා
හඳ හාමියෙ හඳ හාමියෙ
කිරිත් පැණිත් දියෝ දියෝ

ආනන්ද රාජකරුණා

(c) Shilpa Sayura Foundation 2006-2017