ටිකින් ටිකම කඳු මුදුනේන් බැස්‌ස නුඹයි
සැදී වැඩී ගම්මානෙට ගැලු නුඹයි
ටික්‌කි ටිකිරි හුරතල් ළදැරියක් වගේ
කැකිරි සිනාවෙන් බැස ආ ගමනේ අගේ
ඇළ දොළවල් එක්‌වුණු පසු සැදී වැඩී
මුහුදට ගලා යන ගමනේ වේගෙ වැඩී
නෙළුම් ඕලු දිය මානෙල් සැදී පිපේ
ඒ මල් නෙළමු පැදගෙන ගොස් ඔරුව අපේ
දණ්‌ඩි කුනි පෙතියෝ ඉස්‌සෝ
පැන්නෝ කටිල්ලෝ කාවයියෝ කොස්‌සෝ
එහෙත් මෙහෙන් පීනන ලස්‌සනක හැටි
කිඹුලා මිනී කන්නෙකි සැඟවිලා සිටී
ආනන්ද රාජකරුණා
