ලබන්නට බැරි දෙය ගැරහීම
 


 

දිනක්‌ බඩ ගින්නේ
සිවලෙක්‌ තැවී වුන්නේ
කෑම සොය මින්නේ
ගොසින් මිදි වත්තකට වන්නේ

ඉතා උස මැස්‌සෙක
ඒ වත්තේ එක පැත්තෙක
විහිදුනු මිදි වැලෙක
ඉඳුණු ලොකු පොකුරක්‌ තිබෙනු දැක

එය කඩා කන මෙන
බොහෝ වෙලා උඩ පැන
වෙහෙස වී නොම දින
මදක්‌ හති හැර වැටී ඉඳ-ගෙන

බඩගිනි බව සැබැයි
එහෙත් මිදි තද ඇඹුලයි
කැවොත් බඩ රිදෙයි
නරක දැන දැන කැම නොයෙදෙයි

(c) Shilpa Sayura Foundation 2006-2017