වෙරි වූ මීයා
 


 

දවසක්‌ රා ටිකක්‌
ලැබ බී මත් ව මීයෙක්‌
බළලා වී මතක්‌
මෙසේ කීයේ උඩගු වදනක්‌

බළලකු ඉතින් මට
අසු වුණ හොතින් විගසට
කඩා ඌ දෙකකට
දමමි ඇද-ලා කහල ගොඩකට

ළමයෙක්‌ ඒ දෙසා
හැඩි බළලකු විලසා
මීයා ඒ අසා
වසා-ගෙන ඇස්‌ කී ය මෙබසා

පින් සිදු වෙයි අනේ
මගේ හාමුදුරුවනේ
මා නො මැරුව මැනේ
වඳිමි අත් දෙක තබා මුදුනේ

තම තරම දැන ගෙන
නො පැවතුණ හොත් සැම මෙන
මීයාට වූ මෙන
බය යි වන්නේ නොසිතු විලසින

(c) Shilpa Sayura Foundation 2006-2017