ඉදිරියට මැ යවු හෙළයිනි
ඉදිරියට මැ යවු
මරුට සිනා සෙවු හෙළයින
අපගේ රටෙහි මැ යැද යැද
ගති වී තව තව හිඳිමු ද
ඉදිරියට මැ යවු..........
දැ ගති සලකවු හෙළයිනි............
දැ ගති සලකවු
පෙර කලැ අපගේ මුත්තෝ
දවි දී ඇය රැකැ ගත්තෝ
වෙමු ද ඉතින් අපි ගැත්තෝ
ඉදිරියට මැ යවු..........
හෙළයට දිවි දෙවු හෙළයිනි
හෙළයට දිවි දෙවු
අප රට හෙළ අප දැ හෙළ
අප බස හෙළ හෙළ හෙළ හෙළ
නුවණත් හෙළ නිවනත් හෙළ
ඉදිරියට මැ යවු..........
