පළමුවන ලෝක මහා සංග්‍රාමය විකාශණය
 

1908 බර්ලින් ගිවිසුමට පිටුපා කටයුතු කිරීමක් බෝල්කන් ප්‍රදේශ වලද මෙම අවධියේදී දක්නට ලැබේ. මෙකල ඕස්ට්‍රියාවේ අනු දැනුම ඇතිව මුළු බල්ගේරියාවම නිදහස ප්‍රකාශ කළේය. බොස්නියාවද ඕස්ට්‍රියාව විසින් ඈදා ගනු ලැබිණි. බෝල්කන් ප්‍රදේශ වල නිදහස ලබා සිටි බලවත් ජාතියක් වූ සර්බියාව ඕස්ට්‍රියාවේ ක්‍රියා කලාපයට විරුද්ධ විය. මෙකී ජාතීන්ගේ යුද්ධ ආයුධ රැස් කිරීම්, යුධ කඳවුරු ඇති කිරීම් එමෙන්ම පුවත් පත් සහ ගුවන් විදුලිය මඟින් තර්ජන එල්ල කිරීම් යනාදියද පවතිද්දී සංග්‍රාමයට අවශ්‍ය වූයේ අවස්ථාවක් පමණකි. 1911 දී සර්බියාව නව තුර්කි වරුන්ගේ පාලනයට විරුද්ධව ව්‍යාපාර පටන් ගත්තේය. බල්ගේරියාව, සර්බියාව, ග්‍රීසිය යන රාජ්‍යයන් හා තවත් කුඩා රාජ්‍ය කීපයක්ද එකතු වී බෝල්කන් සංගමයක් පිහිටුවා ගත්තේය. බෝල්කන් සංගමයේ නායකත්වය ලබා ගත්තේ සර්බියාවයි. 1912 වන විට තුර්කි ප්‍රදේශ වලින් තුර්කි පාලකයන් පන්නා දැමීමට මෙකී සංගමය සමත් විය. ඊළඟට 1912 දී බෝල්කන් සංගමය සමත් විය. ඊළඟට 1912 දී බෝල්කන් සංගමය සහ තුර්කිය අතර සාමදාන ගිවිසුමක් ඇති කර ගනු ලැබිණ. එහෙත් 1913 දී යළිත් මෙම ප්‍රදේශ වල ඝට්ටන ඇති විය. බල්ගේරියාව සර්බියාවට විරුද්ධව යුධ වැදුණේය. ග්‍රීසිය සර්බියාවේ පැත්ත ගත්තේය. රුමේනියාවද සර්බියන් ග්‍රීක් පිලටම බැදුණි. මෙයින් සිදුවූයේ සර්බියන් ග්‍රීක් රුමේනියන් පිල එකතු වී බල්ගේරියාවට පහර දීම පමණක් නොව තුර්කියද බල්ගේරියාව කොල්ල කෑමයි. නැවතත් සිදුවූයේ බල්ගේරියාව දිනූ ජාතීන් අතර බෙදා ගැනීමයි. බල්ගේරියාව දුර්වල කිරීමත් සමඟම බෝල්කන් සංගමයේ බලගතු ජාතියක් වූ සර්බියාව ඕස්ට්‍රියාවේ සැකයට භාජනය විය. සර්බියාව බොස්නියා හර්ස් ගොවිනියා ප්‍රදේශය ද සම්බන්ධව ස්ව ජාතීන් නිසා බැග්ඩෑඩ් අවධානය යොමුකරන බව දුටු ඕස්ට්‍රියාව සර්බියාවට විරුද්ධ විය. බර්ලින් බැග්ඩෑඩ් දුම්රිය මාර්ගය කැපීම සම්බන්ධවද සර්බියාව වඩාත් විරුද්ධ වූයෙන් ජර්මනියද සර්බියාවට විරුද්ධ විය. ඉහත කී කරුණු රැගෙන බලන විට 1914 වන විට ලෝක යුද්ධයක් කරා යුරෝපය ගමන් ගත් බව මොනවට පැහැදිලි වේ.


පළමු ලෝක යුද්ධයට දීර්ඝකාලීන හේතු ලෙස ඉහත කී කරුණු පෙන්වා දිය හැකි අතර, ආසන්න හේතුව ලෙසට බොස්නියාවේ අගනුවර වූ සැරජිවෝහිදී ඕස්ට්‍රියානු ඔටුන්න හිමි ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ට් කුමරු හා ඔහුගේ බිරිය සර්බියන් ජාතිකයින් දෙදෙනෙකු විසින් මරා දැමීම දැක්විය හැකිය. 1914 ජූලි මස 28 දින මෙය සිදුවිය. සර්බියන් ජාතිකයන් දෙදෙනා බොස්නියාවේ පුරවැසියන් වීම නිසා ඕස්ට්‍රියාව කල්පනා කළේ සර්බියාවේ අනුදැනුම ඇතිව මේ මිනී මැරුම සිදුවුණු බවයි. කෙසේ වුවත් සර්බියාවට විරුද්ධව යුධ වැදීමට බලමින් සිටි ඕස්ට්‍රියානුවෝ පැය 48 කට පෙර මිනීමැරුම සම්බන්ධව ප්‍රකාශයක් කරන ලෙස සර්බියාවෙන් ඉල්ලා සිටියේය. සර්බියන් ආණ්ඩුව සාධාරණ ලෙස එයට පිළිතුරු දුන්නේය. එසේ වුවද ඕස්ට්‍රියාවට අවශ්‍ය වූයේ සර්බියාවට විරුද්ධව සටන් කිරීමයි. සර්බියාව රුසියාවෙන් විරුද්ධව සටන් කිරීමයි. සර්බියාව රුසියාවෙන් උදව් ඉල්ලුවේය. ජාත්‍යන්තර යුද්ධයක් පැන නඟින බව දුටු එංගලන්තය ජර්මනියෙන් බෙල්ජියම ආක්‍රමණය නොකරන ලෙස ඉල්ලා සිටියේය. එහෙත් ප්‍රංශය ඊට විරුද්ධව සටන් කිරීම ජර්මනියට අවශ්‍ය වූ නිසා ජර්මනිය බෙල්ජියමේ මධ්‍යස්ථතාවය කඩ කළේය. එපමණක් නොව බ්‍රිතාන්‍යයන්ට යුද්ධයට මැදිහත් නොවන ලෙසද ජර්මනිය ඉල්ලා සිටියේය. ජර්මනියේ අදහස වූයේ ප්‍රංශය තනි කිරීමයි. එහෙත් එංගලන්තය එයට විරුද්ධව ප්‍රංශයේ පක්ෂය ගත්තේය. මෙසේ 1914 බොස්නියාවේ ඇතිවූ කුඩා මිනී මැරුම ජාත්‍යන්තර සංග්‍රාමයක් බවට පත් වූයේය. 1914 අගෝස්තු 4 වන විට ජර්මන් ඕස්ට්‍රියන් තුර්කි බල්ගේරියන් පිලට විරුද්ධව ඉංග්‍රිසි, රුසියන්, ප්‍රංශ, සර්බියන්, ඉතාලි පිල යුධ වැදී සිටියේය. 1914 ඇතිවූ මේ යුද්ධය 1919 දක්වා සිව් වසරක කාල පරිච්ඡේදයකට සීමා විය.

(c) Shilpa Sayura Foundation 2006-2017