1917 රුසියන් විප්ලවයෙන් පසුව බෝල්ෂේවික් පක්ෂයේ නායකයන් අතුරින් ලෙනින් හා ට්‍රොට්ස්කි මෙන්ම ජෝසප් ස්ටාලින්ද වැදගත් තැනක් ගනී. බෝල්ෂේවික් පක්ෂය 1924 දක්වා ලෙනින්ගේ නායකත්වය යටතේ රුසියාවේ කටයුතු කළේය. 1924 දී ලෙනින් මිය ගිය පසු පක්‍ෂය ඇතුළත භේද ඇති විය. ට්‍රොට්ස්කි හා සිනොච්චි යන සභිකයන් දෙදෙනාට විරුද්ධව ස්ටාලින් කටයුතු කිරීමට පටන් ගත්තේය.
ඇත්තෙන්ම සමහරු මෙය නායකත්වය පිළිබඳ තරඟයකැයි කියතත් ස්ටාලින්ගේ අදහස වූයේ කොමියුනිස්ට් ධර්මය රුසියාවට පමණක් සීමා විය යුතු බවයි. එහෙත් ට්‍රොට්ස්කිගේ අදහස වූයේ කොමියුනිස්ට් වාදය ජාත්‍යන්තරව පැතිරවිය යුතු ධර්මයක් බවයි. ස්ටාලින්ගේ ක්‍රියා කලාපය ගෙන බලන විට දරදඬු ස්වභාවයකින් යුත් කොමියුනිස්ට් ක්‍රමයක් රුසියාවේ ඇති කිරීමට ඔහු සිය ක්‍රියා මාර්ගය සකස් කළ බව කිය හැකිය. ට්‍රොට්ස්කි සමඟ විරුද්ධ වුණු ස්ටාලින් ට්‍රොට්ස්කි රටින් නෙරපීමට පවා කටයුතු කළේය.
ස්ටාලින්ගේ ක්‍රියා කලාපය දෙස බලන විට අභ්‍යන්තරව මෙන්ම බාහිරවද රුසියාවේ දියුණුවට කටයුතු කිරීමෙන් රුසියාව දියුණු කිරීමටත් 2 ලෝක යුද්ධයට ධෛර්යවන්ත ලෙස මුහුණ දීමට පුලුවන් කමක් රුසියාවට ලැබීමටත් හැකි පසුබිම ඔහු සකස් කළ බව පෙනේ. ලෙනින්ගේ ආර්ථික ප්‍රතිපත්ති බැහැර කොට රටේ ආර්ථික දියුණුව සඳහා නව ක්‍රමයක්ඔහු විසින් ආරම්භ කරන ලදී. නව ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමෙන් 1928 පමණ වන විට ස්ටාලින්ගේ කටයුතු නිසා ආර්ථික අංශය වඩාත් දියුණු විය. රුසියාවේ මුලු කාර්මික නිෂ්පාදන ප්‍රමාණය 1928 සිට 1933 දක්වා පළමුවන පස් අවුරුදු වැඩ පිළිවෙල ඔස්සේද 1933-1937 දක්වා ඊළඟ පස් අවුරුදු වැඩ පිළිවෙල ඔස්සේද ක්‍රියාත්මක වූයෙන් 65% පමණ කාර්මික දියුණුවක් සුලු කාලයක් ඇතුළත දී ඇති විය. නිෂ්පාදන ක්‍රම වැඩි දියුණු වීමෙන් රුසියන් ආර්ථික ක්‍රමය දියුණු වූවා පමණක් නොව නිෂ්පාදනය කරන භාණ්ඩද විවිධ විය. විශේෂයෙන්ම බැර කර්මාන්ත රුසියාවේ ඇරඹුණි. මොටෝ රථ නිපදවීම, රසායනික ද්‍රව්‍ය සහ ජල විදුලි කර්මාන්ත ඇරඹීම යනාදිය නිසා රුසියාවේ කාර්මික අංශය සීඝ්‍රයෙන් 1940 පමණ වන විට දියුණු වුණි. 80% පමණ රුසියන් කර්මාන්ත 1920 පමණේදී එකම ප්‍රදේශ කීපයක සංකේන්ද්‍රගතව තිබීම දැකිය හැකි අතර 1928න් පසුව ස්ටාලින්ගේ ක්‍රියා කලාපය නිසා වූ වෙනස්කම් යුක්‍රේන් හා ලෙනින් ග්‍රෑඩ් පමණක් නොව යූරල් ප්‍රදේශ සයිබීරියාව හා මධ්‍යම ආසියාව තෙක් ප්‍රදේශ වලද පැතිර ගියේය. ඒවායේ විශාල කර්මාන්තශාලා ඇතිවිය.
විශාල ප්‍රමාණයක ප්‍රාග්ධනය ආයෝජනය කිරීමට රුසියානු වැසියන්ට හැකියාවක් මේ අවධයේදී විය. 1949 පමණ වන විට ගල් අඟුරු ටොන් දස ලක්ෂ දෙසිය තිස් හයක් පමණ නිපදවීමට රුසියාව සමත් වුණු අතර ඛනිජ තෙල් ටොන් දස ලක්ෂ තිස් තුනක් පමණ නිපදවීමට සමත් විය. දෙවන හා තුන්වන පස් අවුරුදු වැඩ පිළිවෙලවල් යටතේ ස්ටාලින් රුසියාවේ කාර්මික අංශය දියුණු කළේය. රුසියාව විද්‍යාත්මක අංශයෙන් මහත් දියුණුවක් ලැබීමට තරම් පදනමක් දැම්මේ ඇත්තෙන්ම ස්ටාලින් යයි කිවහොත් නිවැරදිය. ස්ටාලින්ගේ පස් අවුරුදු වැඩ පිළිවෙලවල් නිසා රුසියාවේ සියලුම ස්වභාවික ධනයද විද්‍යාත්මක ක්‍රමද ශ්‍රම ශක්තියද සංවර්ධනය සඳහා යෙදවිණි. ඉතිහාසයේ කිසිම තැනක මෙතරම් විශාල ප්‍රදේශයක් මෙතරම් සුලු කාලයකදී දියුණු කර නැති බව කිව හැකිය. ස්ටාලින්ගේ ක්‍රියා කලාපය ගෙන බලන විට 1932 වන විට සාමූහික ගොවිපළවල් වලට විරෝධය පෑ ගොවියන් දහස් ගණනක් මරා දැමීය. කොමියුනිස්ට් ක්‍රමයට අනුව සමූහ ගොවිපළවල් ඇති කිරීම ඔහුගේ අදහස විය. ස්ටාලින් යටතේ රුසියන් පාලන ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදයක් ලෙස නොව ඒකාධිපතියකු යටතේ සංවිධානය වුණු නිලධාරි මණ්ඩලයක සංස්ථාවකි. කොමියුනිස්ට් පාලනයට විරුද්ධ වූ සෑම කෙනෙකුම විනාශ කරණු ලැබිණි. වෙනකත් තබා අදවන තුරුම ස්ටාලින්ගේ ක්‍රියා කලාපය රුසියාවේ ඇතැම් පුවත්පත් හා විවේචකයින් හා ලේඛකයින් නිර්දය ලෙස විවේචනය කළද, රුසියන් ආර්ථික සංවර්ධනය සඳහා ස්ටාලින් කළ සේවය ඉතිහාසගත වන්නේය. බොහෝ දුරට නට්සි ජර්මනියට සමානව සිය ප්‍රතිපත්තු සකස් කළ ස්ටාලින් රහස් පොලිසිය, යුද්ධ හමුදාන සහ කොමියුනිස්ට් පක්ෂය මගින් මිනිසුන්ගේ ජීවිතය මුලුමනින්ම පාලනය කළේය. රුසියාවේ සුලු ජාතීන්ගේ ප්‍රශ්නය විසදීම ස්ටාලින් කළ තව හොද දෙයකි.
දෙවන ලෝක යුද්ධයට මුහුණ දීමට තරම් තත්ත්වයකට රුසියාව සකස් කළේ ස්ටාලින්ගේ තීක්ෂණ බුද්ධියයි. කොමියුනිස්ට් වාදයට බටහිර ජාතීන් විරුද්ඒ වන බව දුටු ස්ටාලින් කටයුතු කළේ කෙසේ හෝ ඔවුන්ගේ හොඳ හිත දිනා ගන්නා අයුරිනි. කොමියුනිස්ට් වාදය රුසියාවට පමණක් සීමා කරන්නට ඔහු සිතුවේද ඒ නිසාය. හිට්ලර්ගේ ක්‍රියා කලාපය සම්බන්ධව මුල පටන්ම විමර්ශන බුද්ධියෙන් කටයුතු කළ ස්ටාලින් නට්සි ජර්මනිය දුටුවේ මුලු බටහිර ආධිපත්‍යම පතා සටන් කිරීමට අර අදින ලෙසිනි. එහෙත් එවකට බටහිර ජාතීන් හිට්ලර්ගේ ක්‍රියා කලාපයට මුලාවී සිටි නිසා ඔහුගේ විදේශ ප්‍රතිපත්තිය නට්සි ජර්මනිය හා මිත්‍රත්වය පැතීමට හුදෙක්ම සකස් කර ගත්තේ රුසියාවේ පමණක් නොව කාගේත් යහපත සඳහාය. ජර්මනිය හා එක්වී යුරෝපය කොටස් දෙකකට බෙදීමට කටයුතු කළේ එබැවිනි. හිට්ලර් තමන්ට පහර දෙන බව දැනගත් ස්ටාලින් පින්ලන්තය ලබා ගැනීමට අදහස් කළේය. පින්ලන්තය ජර්මනුන් අතට පත් වුවහොත් රුසියාවට පහර දීම වඩාත්ම පහසුවෙන් කළ හැකි බව ස්ටාලින් දැන සිටි බැවින් ඔහුගේ බලාපොරොත්තුව වූයේ ජර්මනිය හා එක්වී යුරෝපා ජාතීන් ප්‍රකෝප කරවන ලෙස කටයුතු කර නැවතත් බටහිර පිලට වැදී පෙරළා හිට්ලර්ට පහර දීමයි. අවසානයේ සිදුවූයේ ද එයයි.
ස්ටාලින්ගේ තීක්‍ෂණ බුද්ධිය නිසා ජර්මනිය රුසියාව ආක්‍රමණය කළ අවස්ථාවේදී ජර්මානුවන්ට පෙරළා පහර දීමට හා ඔවුන් විනාශ කිරීමට රුසියානුන් පෙළඹවූයෙත් ඔවුන්ට ශක්තිය ලබා දුන්නේත් ජෝසප් ස්ටාලින්ය. කොමියුනිස්ට් ක්‍රමයට විරුද්ධ වන නායකයන් කෙරෙහි බලපෑමටද ස්ටාලින් කටයුතු කළේය. යුගෝස්ලාවියාවේ නායකයා වූ මාෂල් ටිටෝගේ ව්‍යාපාරය කෙරෙහි බලපෑමට ඔහුට නොහැකි වුවද ස්ටාලින් වාදයට අනුව දරදඬු කොමියුනිස්ට් ප්‍රතිපත්ති අනුගමනය කිරීමද 1952 දක්වා ඔහු මැළි නොවීය. 1953 දී ස්ටාලින් මිය ගියේය. රුසියන් ජනතාව එමෙන්ම අනිකුත් ලෝකයා ස්ටාලින් වීරයෙකු ලෙස පිළිගත්තත් නොගත්තත් ඔහුගෙන් ද ලෙනින්ගෙන් මෙන්ම වැදගත් සේවයක් රුසියාවටත් පොදුවේ යුරෝපයටත් ලෝකයටත් ඉටුවුණු බව නම් කිව යුතුය. එපමණක් නොව හිට්ලර් මුසෝලිනී ප්‍රැන්කෝ වැනි නායකයින් හා සම කරන විට ආඥාදායකයින් අතුරෙන් ශ්‍රේෂඨතම ආඥාදායකයා ජෝසප් ස්ටාලින් බව නිගමනය කළ හැකිය.
ස්ටාලින්ගේ තීක්‍ෂණ බුද්ධිය නිසා ජර්මනිය රුසියාව ආක්‍රමණය කළ අවස්ථාවේදී ජර්මානුවන්ට පෙරළා පහර දීමට හා ඔවුන් විනාශ කිරීමට රුසියානුන් පෙළඹවූයෙත් ඔවුන්ට ශක්තිය ලබා දුන්නේත් ජෝසප් ස්ටාලින්ය. කොමියුනිස්ට් ක්‍රමයට විරුද්ධ වන නායකයන් කෙරෙහි බලපෑමටද ස්ටාලින් කටයුතු කළේය. යුගෝස්ලාවියාවේ නායකයා වූ මාෂල් ටිටෝගේ ව්‍යාපාරය කෙරෙහි බලපෑමට ඔහුට නොහැකි වුවද ස්ටාලින් වාදයට අනුව දරදඬු කොමියුනිස්ට් ප්‍රතිපත්ති අනුගමනය කිරීමද 1952 දක්වා ඔහු මැළි නොවීය. 1953 දී ස්ටාලින් මිය ගියේය. රුසියන් ජනතාව එමෙන්ම අනිකුත් ලෝකයා ස්ටාලින් වීරයෙකු ලෙස පිළිගත්තත් නොගත්තත් ඔහුගෙන් ද ලෙනින්ගෙන් මෙන්ම වැදගත් සේවයක් රුසියාවටත් පොදුවේ යුරෝපයටත් ලෝකයටත් ඉටුවුණු බව නම් කිව යුතුය. එපමණක් නොව හිට්ලර් මුසෝලිනී ප්‍රැන්කෝ වැනි නායකයින් හා සම කරන විට ආඥාදායකයින් අතුරෙන් ශ්‍රේෂඨතම ආඥාදායකයා ජෝසප් ස්ටාලින් බව නිගමනය කළ හැකිය.